අවංක වූ ගමනක් සඳහා ඉදිරියට තැබූ පියවර කුමන තත්ත්වයක් යටතේ වුවද ආපස්සට නොගන්නා බව පොහොට්ටුවේ ප්‍රතිසංසකරණ කණ්ඩායමේ

නායක ඩලස්  අලහප්පෙරුම පවසයි.

පැවති ආණ්ඩුවලට මෙන්ම වත්මන් ආණ්ඩුව ද විනාශ වීමට කරුණු 4ක් මූලික වශයෙන් හේතුවූ බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තවදුරටත් ක්‍රියා සිටියේය.

ඔහු එම කාරණා සඳහන් කලේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

"මේ ආණ්ඩුවටත් මීට ඉස්සෙල්ලා තිබුණු ආණ්ඩුවලටත් විනාශ වෙන්න ප්‍රධාන කරුණු 4ක් බලපාලා තියෙනවා. පළවෙනි කාරණය එක පුද්ගලයෙක් බලය අතට ගන්නවා. එක්කෝ තනි පවුලකට ගන්නවා බලය.

දෙවැනි වැරැද්ද මොකක් ද..? බලය ගන්නවා කිසිම සැලසුමක් නෑ. සැලසුම හදපු මිනිස්සු එළියේ. සැලසුම වෙනුවෙන් රට වටේ ගිහිල්ලා ජන මනස අවදි කරපු ප්‍රතිපත්ති සම්පාදකයෝ එළියේ. එක පවුලක කිහිපදෙනෙක් තනතුරුවලට එනවා.

මේක නෙවෙයි ද ඉතිහාසයේ වුණෙත්.

හතරවෙනි කාරණාව මම කිව්වා හතරක්. හොරකම සහ වංචාව පටන් ගත්තු දවසේ ඉඳලා බලය අතහැරලා යන දවස වෙනකන් මම දන්නේ නෑ කොහේට ගෙනියන්නද කියලා හොරකම් කරනවා. තනි පුද්ගලයෙක් විදියට විතරක් නෙවෙයි. පවුල් පිටින් හොරකම්වලට දායක වෙනවා.

අවංක ගමනක් වෙනුවෙන් පියවර තියලා තියෙනවා ඉදිරියට. ඒක කුමන තත්ත්වයක් යටතේවත් ආපස්සට ගන්න අපි සූදානම් නෑ."


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්