theleaderlk 01

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක්

නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ පැවසීය.

ගෝඨාභය රාජපක්‍ෂ ලක්‍ෂ 69 ක් ඡන්ද ලබාගෙන ජනාධිපතිවරයකු මෙන්ම යුද්දය ජය ලැබීමට නායකත්වය දුන් නිලධාරියකු වීම නිසා ඔහුට රටට පැමිණීමට කිසිඳු බාධවක් නොමැති බව කී ප්‍රදීප් උදුගොඩ මන්ත්‍රීවරයා, ඇතැම් දේශපාලන අදිසි හස්තයන් මේ රටේ ජනතාව කුපිත කිරීම නිසා එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‍ෂට නැවත මෙරටට පැමිණීමේ අයිතිවාසිකම මානව හිමිකම් කොමිසම ද තහවුරු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී එළඹෙන දේශපාලන තීන්දු පිළිබඳව තමන්ට ප්‍රකාශයන් කළ නොහැකි බවත් උදුගොඩ මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ එම කාරනා සඳහන් කලේ බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිඳු බාධාවක් නොමැති බවයි.

  

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

නවතම පුවත්