ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ හවුල් ආණ්ඩුව ගෙන යන මර්දනකාරී පිළිවෙතට

ප්‍රගතිශීලි මුහුණුවරක් ලබා දීමේ අරමුණින් LGBTIQ+ සමරිසි ප්‍රජාව අවභාවිතා කිරීමේ වෑයමක් පවතින බවට චෝදනා එල්ල වී තිබේ.

වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන සමරිසි ලිංගික ක්‍රියාවන් සාපරාධි අපරාධයක් නොවන බවට අවශ්‍ය සංශෝධන කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඊයේ [24] ඉදිරිපත් කෙරිණි.

  ඒ ගැන ප්‍රතිචාර දක්වන ලාංකීය LGBTIQ+ ප්‍රජාවේ සාමාජිකයන් හා සහයෝගිකරුවන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම යෝජනාව හුදෙක් ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙතට සුදුහුණු ගෑමේ ප්‍රයත්නයක් ද යන්න සැක සහිත බවයි.

 හදිසි නීති රෙගුලාසි සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදා ගනිමින් අරගලයට සම්බන්ධ විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම ආණ්ඩුව විසින් සුක්ෂමව ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙන සමරිසි ප්‍රජාව ඒ මගින් ආණ්ඩුවට එරෙහිව මත දරන  තම ප්‍රජාව ඇතුළු සියලු දෙනා බියගන්වමින් නිහඬ කිරීම අරමුණ බව ද පෙන්වා දී තිබේ.



zcfgdfශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.

 


සමරිසි ප්‍රජාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අන්තනෝමතික ලෙස ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම් වලට මුහුණ පා සිටින තම ප්‍රජාවේ සාමාජිකයන් ගණනාවක් ආරක්ෂාව ගැන පවතින බිය හේතුවෙන් සැඟවී සිටින බවය.

 

මෙරට ජනතාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට ආණ්ඩුවේ ලිබරල් වටිනාකම් ප්‍රදර්ශනයට මෙම නීති සංශෝධනය ගෙන එන ආණ්ඩුව දැඩි සෝදිසි කිරීම්, අත් අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීමට බලතල ඇතුලත් දණ්ඩ නීති සංග්‍රහයට නව අපරාධ වැරදි රැසක් හඳුන්වාදී ඇති බවට සමරිසි ප්‍රජාවේ සාමාජිකයෝ සහ සහභාගිකරුවෝ චෝදනා කරති.

අදාළ සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක නොකරන්නේ නම් ආණ්ඩුවේ මන්ත්‍රී දොලවත්තගේ අවංකභාවය ගැන ප්‍රශ්න මතු වෙන බව ද LGBTIQ+ සාමාජිකයෝ පෙන්වා දෙති.



සබැඳි පුවත්

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!


 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්