ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේදී
සජබ මන්ත්‍රි එම්.එස්. මරික්කාර් “ජනාධිපති තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අවුරුදු ගණනාවක් තමන් විශ්වාස කළ ආර්ථික දර්ශනය පදනම් ව ඇතැයි කීය.
සජබ මන්ත්‍රි ආචාර්ය හර්ෂ සිල්වා අගෝස්තු 08 දින අනිද්දා පත්‍රය සමග කළ සාකච්ඡාවේදී “ලංකාව පිළිබඳ තමන් විශ්වාස කරන ආර්ථික වැඩ පිළිවෙල ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ගැබ්ව ඇති නිසා, එකී ප්‍රතිපත්ති ප්‍රකාශයට විරුද්ධ වීමට තමන්ට කිසිදු හේතුවක් නැත යයි අවධාරණය කළේය.
මාධ්‍යට නිකුත් කළ ඔහුගේ ආර්ථික යෝජනාවලිය ජනාධිපති අපේක්ෂක ඩලස් වෙනුවෙන් සකස් කළ කෙටුම්පත බව රටම දනිති.
හර්ෂලා මරික්කාර්ලා සජිත්ලා යහ පාලන යුගයෙහි ක්‍රියාත්මක කළ රනිල්ගේ ආර්ථික දැක්ම අනුමත කළහ. ඒ අර්ථයෙන් රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකඟද නො වන්නේද යන්න සජිත් ප්‍රේමදාස පැහැදිලි කළ යුතුවේ. සජිත් මෙන් විපක්ෂ බහුතරය මේ ලතවන්නේ අරගලය නමින් මෝදුවන භිෂණයට බියෙනි.
ජනාධිපති මන්දිරය නම් පොදු දේපලට පැන යකා නැටුවේ ගෝඨා බිය කිරීමට විය හැකිය.
එහෙත් මන්ත්‍රි වරයෙකු මහ මග මරා දමා, රනිල් ඇතුළු දේශපාලනඥයන්ගේ පුද්ගලික නිවෙස්වලට පැන ගිනි තැබීමත් අරගලයද යන්න තීරණය කළ යුත්තේ රටේ නීතියද දුමින්ද නාගමුවලාද යන්න මානව හිමිකම් කොමිෂමද?
රටේ ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් 2001දී චන්ද්‍රිකා ප්‍රතික්ෂේප කළ බන්දුල ගුණවර්ධන, ජී.එල්.පීරිස්, එස්.බී. දිසානායක ආදිහූ (2022දී පොහොට්ටුවේ බහුතරය රනිල් තේරුවා මෙන්) එජාපයට එක්වී 2001 පැවති මහ මැතිවරණය ජය ගෙන රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළි ගත්හ.
වසර දෙකක කෙටි ඉලක්ක හරහා එදා රනිල් ආර්ථිකය ගොඩ දැමිය. එකී ආර්ථික ආර්ථික උපායන් අතර, වසර දෙකක් තුළ රාජ්‍ය සේවයට බඳවා නො ගැනීමේ වගන්තියක්ද විය.
රට යහපත් වෙත්ම, ජනාධිපති චන්ද්‍රිකා විධායක බලය යොදා ආණ්ඩුව විසුරුවා හැර අලි කොටි ගිවිසුම පරදමු යන සටන් පාඨය මුල් කොට, ජවිපෙය සමග පරිවාස ආණ්ඩුව පිහිටුවීය.
2005දී ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රභාකරන් ලවා නතර කිරීමෙන් පවා, මහින්දට, රනිල්ට වඩා ලැබුණේ වැඩි ඡන්ද 180786 සොච්චමකි.
2005දී රනිල්ද, 2009 දී ප්‍රභාකරන්ද පරාද කළ රාජපක්ෂලා දා හත් වසරක් ගෙවුණ 2022දී ශ්‍රී ලංකාවම බංකොලොත් කළහ. 2005දී රනිල් දිනුවා නම් හැම පාසල් දරුවෙකු අතටම ටැම් එකක් ලැබෙනවා මිස, ගුවන් යානා නැව් නො එන තොටුපොලවල් නෙලුම් කුළුණු ඉදි වී රටට මෙහෙම වන්නේ නැත.
2015 දී යළි රටේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ, 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා සංශෝධනය හරහා රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළේය.
ඔහු සිය 2015-2019 පාලන කාලයෙහි රටේ ජන ජීවිතය ආර්ථික වශයෙන් ශක්තිමත් කළා පමණක් නොව, රාජ්‍ය සේවා ඉතිහාසයේ රුපියල් 10,000ක වැඩිම වැටුප් වැඩිවීම ලබා දීමටද සමත් විය.
2015 පාලනය ආරම්භයේ සිදුවූ බැඳුම්කර වෙන්දේසියෙන් රනිල් වික්‍රමසිංහටත් යහ පාලනයටත් වැදුණ කළු පැල්ලම අදටත් එසේමය.
ඊට අමතරව, යහ පාලන යුගයෙහි රනිල් වික්‍රමසිංහට එල්ල වූ විවේචන ගණනාවකි. දේශපාලන වශයෙන් රාජපක්ෂලාගෙන් පළි ගනිතැයි රටේ ඇතිවූ අනුකම්පාව යහ පාලනයේ සාධනීය ජයග්‍රහණ යටපත් කිරීමට සමත් විය.
මහින්ද රාජපක්ෂගේ උවමනාවට රජයේ මුදල් අවිධිමත් ලෙස වැය කළ රාජ්‍ය නිලධාරින්ට එරෙහි බලය අවභාවිතා කිරීම් පිළිබඳ පරික්ෂණ හේතුවෙන් සකල රාජ්‍ය සේවයම යහ පාලනයට වෛර කළහ. ඊට අමතරව, රාජපක්ෂ පාලනයට එරෙහිව යහ පාලනය දිනවීමට කැපවූ සිවිල් සමාජය සිරිලිය වැනි රාජපක්ෂ පවුලේ හොරමැරකම් යට ගැසී යයි රනිල්ට ඍජුව චෝදනා කළහ.
මේ හේතු නිසා 2018 පෙබරවාරියේ පැවති පළාත් පාලන මැතිවරණය පාලක එජාපයට අවාසි වුණාට රටේ ආර්ථිකය හෝ 2018 අප්‍රේල් මාසයේ විශ්වාස භංග යෝජනාවෙන් රනිල් ඇද වැටුණේ නැත.
2004 චන්ද්‍රිකාගේ ශෛලියෙන් ජනාධිපති සිරිසේන 2018 ඔක්තෝබරයේ රනිල් නෙරපා, මහින්ද අගමැති ලෙස නම් කළේය.
ඊට සමගාමිව “රට රකින ජන මහිමය” නමින් 2018 නොවැම්බර් 05 වෙනිදා පාර්ලිමේන්තු වට රවුමේ පැවති රැළිය ඇමතූ ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන, “මා විසින් අගමැති පුටුවෙන් මාරු කළේ ශරීරයක් නොව දර්ශනයක් යනුවෙන් බරපතල ප්‍රකාශයක් කළේය.
සිරිසේනගේ මේ පැහැදිලි කිරීම හරහා රනිල් ප්‍රතික්ෂේප කිරීමෙන් චන්ද්‍රිකාලා සිරිසේනලා රාජපක්ෂලා වාසි ලැබුවාට, යහපත් දර්ශනයක් යටපත් කිරීමෙන් රටට ජනතාවට විනාසයක් මිස වාසියක් නොවූ බව තහවුරු වී ඇත.
2001දී වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමේදී රාජ්‍ය සේවා බඳවා ගැනීම් සීමා කිරීමේදී රනිල් රට ගැන මිස, දේශපාලන වාසි බැලුවේ නැත. 2020දී එක් රැයෙන් හැට දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් ගෝඨාභය භාණ්ඩාගාරය හිස් කිරීම තුළ මෛත්‍රිපාල සිරිසේන කී දර්ශනය සහ ශරීරයක් හෙවත් කොන්ංගියෙක් අතර සක්‍රිය වෙනස ජනතාව වටහා ගත්හ.
2020 මහ මැතිවරණයේදී එජාපය දෙකඩ කොට, ඡන්ද විසි හත් ලක්ෂයකට සීමාවූ සජබය, ගෝඨභයලාට තුනෙන් දෙකක් ලබාදී 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමේ පාපයට සජිත් ප්‍රේමදාස හෙටත් වගකිව යුතුවේ.
සූර්යා මීනයෙන් මේෂයට පැමිණ නොනගතය අවසන් ව ඇත.
2019 නොවැම්බරයේ ආරම්භවූ රාජපක්ෂ පාලනයට තුන් වසරක් ගෙවීමට පෙර රනිල් නම් එජාප තනි මන්ත්‍රිවරයා 2022 මැයි 12 වෙනි දින රටේ අගමැති ලෙසද, ජූලි 20 වෙනි දින රටේ විධායක ජනාධිපති ලෙසද තේරී පත් විය.
සූර්යා මීනයෙන් මේෂයට පැමිණ නොනගතය අවසන් ව ඇත. ඒ අර්ථයෙන් මරික්කාර්ලා හර්ෂලා රට වෙනුවෙන් තවදුරටත් ඔල් බක්කන් නටවනවාදැයි තීරණය කළ යුතුවේ.
සජබ, ජවිපෙ, පෙරටුගාමින් ඇතුළු විපක්ෂයට රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලාගේ ඒජන්තයෙක් වුණාට, රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා තෝරා පත් කළ හැට නව ලක්ෂයක් ජනතාවගේ ගැලවුම් කාරයා වුණා මිස, රාජපක්ෂලාගේ ඒජන්තයෙකු නොවේ.
තවමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අසීරුතා මැද ගමන් කරමින් සිටියි.
2022 ජූලි 20 වෙනි දින රටේ ජනාධිපති ලෙස පත්ව, අගොස්තු 3 වෙනිදා සිය ප්‍රතිපත්ති කතාව කරන විට, ඉන්ධන ගෑස් ආදි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමේ ඉඩකඩ සැලසීමෙන් රනිල් වික්‍රමසිංහ රටේ අපේක්ෂාව බවට පත්ව ඇත.
අටමස්ථානය වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට ගිය රනිල් වික්‍රමසිංහ දුටු සැදැහැතියන් කීවේ ඔබ අපේ ගැලවුම්කාරයා කීවේ ඒ නිසාය. වසර අගවන විට, ඩොලර් බිලියන තුනක අයිඑම්එෆ් ණය මුදල් ලැබේ යයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කී බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.
තමන් සවන් දෙන්නේ ජනතාවට මිස, වෘත්තීය සමිති වලට නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඍජුව කළ ප්‍රකාශය කාලීන මෙන්ම වලංගු ශක්තිමත් ප්‍රකාශයක් බව ජනතාවගේ නිහඬ ප්‍රතිචාර හරහා තහවුරු වේ.
තෙල් සංස්ථාව වැනි රටට බරක්ව පවත්නා රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කරන බවට ඛනිජ තෙල් ඇමතිවරයා සහතික වේ.
පසුගිය අගෝස්තු 22 වෙනි සඳුදා පුද්ගලික කරණයට එරෙහිව පාරේ පෙළ ගැසුණ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුව අපි හොරකම් කළේ නැත යනුවෙන් කළ ප්‍රකාශය පාපොච්ඡාරණයකි.
සත්තකින්ම 1953 හර්තාලයේ සිට මේ දක්වා වෘත්තිය සමිති, වැඩ වර්ජන ඉල්ලීම් සහ සාමුහික ගිවිසුම් හරහා දවසින් දවස රටේ ජාතික ආදායම කොල්ල කමින් රටේ විනාසයට කළ බව ජනතාවට රහසක් නොවේ.
මේ හෙළිදරව්ව හමුවේ කිසිදු දේශපාලන පක්ෂයක් කට හොල්ලන්නේ නැත. ඊට හේතුව විපක්ෂයේ බල ලෝභි දේශපාලන පක්ෂ ඉතිහාසය පුරා රටේ පැවති ආණ්ඩු අඩපන කිරීමට වෘත්තිය සමිති නම් බර අවිය යොදා ගැනීමය. සදාකාලිකව විපක්ෂයට ගොටුවූ දේශපාලකයන් යැපුණේ වෘත්තීය සමිති හයියෙනි.
නැවත ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශය වෙත යයි නම් විපක්ෂය වෘත්තීය සමිති වලටත් රනිල් වික්‍රමසිංහ ජනතාවට සවන් දෙමින් සිටින්නාහ.
විදුලි සංදේශ නියාමන කොමිෂමේ රුපියල් කෝටි හැටක් වැය කොට 2015ජනාධිපති මැතිවරණය ඉලක්ක කොට සිල් බෙදා දීමට මුල්වූ රාජ්‍ය නිලධාරින් දෙදෙනාට සිර දඬුවම් නියම වීම රාජ්‍ය සේවය සවුත්තු කිරිමක් නොව රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව ඍජුව ක්‍රියා කිරීමට කළ ඇරයුමකි.
රනිල්ට බැංකු හොරා කියන්නෝ සිල් රෙදි වංචාව පින්කමක් ලෙස සලකති. වීරකැටිය සොහොනටඩ රාජ්‍ය මුදල් වැය කිරීම වැඩිහිටියන්ට සැලකීමකි. කලක් මෙසේ කල්පනා කළ රටේ බහුතරයට තමන් වැරදි බව තේරුම් ගත් ආකාරයට වෘත්තිය සමිතිද යථාර්ථය තේරුම් ගත යුතුවේ.
හම්බන්තොට වරාය ණය ගෙවා ගත නොහැකිව රනිල් චීනයට බදු දීම මහා පාවා දීමකි. රට බංකොලොත්වී කොළඹ වරායෙන් කොටසක් රාජපක්ෂලා ඉන්දියාව සතු කිරීම ජාතික කර්තව්‍යකි. මේ චින්තනයේ ප්‍රතිපල රටම අත් විඳිමින් සිටිති. රටට එන පොහොර නැවෙන් කොමිස් ඉල්ලනවාදැයි ජාත්‍යන්තරය සොයා බලන තරමට රටේ ගෞරවයත් ආර්ථික ශක්තියත් පිරිහුණේ රනිල්ගේ දර්ශනය නිසාද? රාජපක්ෂලාගේ පාලනය නිසාද?
ලංකාවේ වරාය වැඩ වර්ජන, ඛනිජ තෙල් සමාගම් ජනසතුව නිසා ලංකාවට අහිමි වූ ආර්ථික වාසි සිංගප්පුරුව ගොඩ නැගීමේදි ලී ක්වාන් යූ වාසියට යොදා ගත් බව රහසක් නොවේ.
1948 වන විට රටේ පැවති ආර්ථිකය යහපත් විය. එය විනාස කළේ වාමාංශික සමාජවාදි දේශපාලන ව්‍යාපාර සහ වෘත්තිය සමිති විසිනි.
අගමැති ඩඩ්ලි සේනානායක, ශත 25ක් පැවති හාල් සේරුව ශක 70ක් කළේ හාල් ආනයනය කිරීමට සිදුවූ නිසාය. ඊට එරෙහිව 53 හාර්තාල් කළ ඇන්.ඇම්. 1973දී මුදල් ඇමතිව රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා හැම රෝගියාගෙන්ම ශත විසි පහක මුදලක් අය කළේය. බත් කෑම තහනම් කළේය.
භූමිතෙල් මිල තුන් ගූණයකින් ඉහළ ගියේ දිගු කලක් ලබා දුන් සහන මිල නිසා තෙල් සංස්ථාවට 2014 සිට 2020 තෙක් සිදුවූ කෝටි 3513 පාඩුව භාණ්ඩාගාරයෙන් පියවා නැත. එසේ සහන මිලට සැපයූ භූමිතෙල් සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් මගී ප්‍රවාහන බස් රථ සඳහා යොදා ගන්නා බව හෙළිවී ඇත.
මේ තත්වය තුළ වෘත්තිය සමිති තම ආයතනය පාඩු ලැබූ ආකාරය රටට පැහැදිලි කරනු මිස, ජනතාව කුපිත කර රනිල් කෝටු මස් කිරීමට උත්සාහ නොකළ යුතුවේ.
දිනකට පැය 24ක් යනු ලෝක සම්මතයකි. එහෙත් ලංකාවේ වරාය සේවකයන් අතිකාල කිරිමේදී ඉරිදාට පැය 75කි. විදුලි මීටරය කියවීමට ගෙදරට එන මනු කියවන්නා වෙනම මුදලක් නො ලැබේ නම් ඉලක්කම් නිවැරදිව නො කියවනවා යනු ජනතාව ප්‍රාණ ඇප කාරයන් කිරිමකි.
රටේ වෘත්තිය සමිති බහුතරය මෙහෙයවන ජවිපෙය, පාර්ලිමේන්තුව විසුරුවනු නව ජන මතයකට ඉඩ දෙනු තේමාවෙන් සිය සාමාජිකයන් නුගේගොඩට කැඳවීය. එහි නායකයන් 2004 දීත් 2005දීත් රනිල් එරෙහිව මහින්ද සමග පෙළ ගැසිණ.

මෛත්‍රිපාල සිරිසේනගේ විග්‍රහය අනුව, ජවිපෙය අතීතය පුරා දර්ශනයක් වෙනුවට කොනංගියෙක් රජ කරවීමට කැප වූ අතර, එහි විපාක අද රටම අත් විඳිමින් සිටියි.
රුවන් වැලි සෑ මහ මළුවේ දී ගෝඨාභය, දිවුරුම් දුන් 2019 නොවැම්බර් 18 වෙනි දින ලංකාදීපයේ මහාචාර්ය චරිත හේරත් නමින් පළවූ ලිපියේ ජනතාව රාජපක්ෂලා තේරුවේ යහ පාලනය, (අ) ජාතික ආරක්ෂාව (ආ) ආර්ථිකය හා (ඇ) රාජ්‍ය යන්ත්‍රණය විනාශ කළ නිසා බව සඳහන් වේ.
එහෙත් වසර තුනක් ගත කීරීමට පෙර (අ) ජාතික ආරක්ෂාවත් (ආ) ආර්ථිකයත් (ඇ) රාජ්‍ය යන්ත්‍රණයත් විනාස කිරීමේ පාපයට ගෝඨාභයට උපන් රටත් අහිමි විය.
පාර්ලිමේන්තු බහුතරය රනිල් ජූලි 20 වෙනි දින රටේ විධායක ජනාධිපති ලෙස පත් කළේ කා වෙනුවෙන්ද යන්න ජනතාව තීරණය කරනු ඇත. කඩිනම් මැතිවරණයක් විපක්ෂයට මිස, ජනතාවට අවශ්‍ය නැත.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.