theleaderlk 01

තම සංවිධානයේ කැඳවුම්කරු මෙන්ම මාධ්‍ය සංවිධාන ගණනාවක ක්‍රියාකාරී

සාමාජිකයෙකු ද වන මාධ්‍යවේදී මංජුල සමරසේකරව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබී ඇතැයි 'ඩිජිටල් මාධ්‍ය ව්‍යාපාරය' පවසයි.

'ඩිජිටල් මාධ්‍ය ව්‍යාපාරය' එබව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිත දැනුම්දීමක් සිදු කරමිනි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ ඇතුළු එහි අධ්‍යක්ෂවරුන් වෙත යොමුකර ඇති එම ලිපියේ පිටපත්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සියලුම වෘත්තිය මාධ්‍ය සංවිධාන හා සියලුම මාධ්‍ය ආයතන වෙත් ද යොමුකර ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

''ඩිජිටල් මාධ්‍යවේදියෙකු ලෙසත් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසත් අරගලය තුළ කිසිදු නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති මංජුල සමරසේකර, වීදි විරෝධතා හරහා මෙන්ම සාකච්ඡා මේසය ඔස්සේත් අරගල කළ හැකි බව විශ්වාස කළ සාමකාමී, නීතිගරුක අරගලකරුවෙකි.




WhatsApp Image 2022 08 25 at 9.47.17 PMසර්වපාක්ෂික අරගලකරුවෝ' සංවිධානයේ ආරම්භක සභාපතිවරයා ලෙස සංහිඳියාවක් වෙනුවෙන් විපක්ෂය දැනුවත් කරමින්...


අරගලයේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකාච්ඡා කිරීම ආරම්භ කළ 'සර්වපාක්ෂික අරගලකරුවෝ' සංවිධානයේ ආරම්භක සභාපතිවරයාද වන්නේ මාධ්‍යවේදී මංජුල සමරසේකර ය.


ව්‍යවස්ථානුකූලව තමන්ට ලැබී ඇති මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය නිශ්චිත සීමා තුළ භාවිතා කළ මංජුල සමරසේකර වැන්නන් මර්දනය කිරීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයකි.



මංජුල සමරසේකර යනු ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ වසර පහක කාලයක් තිස්සේ සේවය කරන පළපුරුදු මාධ්‍යවේදියෙකි. රැස පුවත්පතේ නියෝජ්‍ය සංස්කාරකවරයා ලෙස කටයුතු කළ ඔහු මේ වනවිට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ ඩිජිටල් මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටියි.

වර්තමාන ආණ්ඩුව ගෙන යන මර්දනයේ තවත් එක් පියවරක් ලෙස මාධ්‍යවේදී මංජුල සමරසේකරව අපහසුතාවට පත් කිරීමට සහ/හෝ ඔහු අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය උත්සාහ කරන බවට වූ පැහැදිලි ඉඟියක් 2022/08/24 දින ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ පුවතක් හරහා ලබා දී ඇති බව අපගේ විශ්වාසය යි.

එහි දක්වා ඇති ආකාරයට මංජුල සමරසේකර, අරගලයේ මාධ්‍ය මධ්‍යස්ථානය නම් සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා ලෙස පත් වීමට නියමිත බවත්, ඔහු ප්‍රභල දේශපාලකයකු සමග ක්‍රියකාරී දේශපාලනයේ නිරත වන සමීපතමයෙකු බවත්, එම සංවිධානය පිළිබඳව බුද්ධි නිළධාරීන් යොදවා විමර්ෂණයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිළධාරීන්ට නියෝග කර ඇති බවත් සඳහන්ය.

මෙය පැහැදිලිවම ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට ක්‍රියාත්මක වන නාටකයක පිටපතක් බව අපගේ විශ්වාසයයි.


ජනමාධ්‍යවේදියකු සහ සමාජ, දේශපාලන ක්‍රියාකාරිකයකු සහ මානව හිමිකම් ආරක්ෂකයකු වන මංජුල සමරසේකර හට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ, 14(1)ආ, 14(1)ඇ යටතේ ලැබී ඇති භාෂණයේ සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට, සමාගමයේ නිදහසට, බලපෑම් කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නෙකෝන් විසින් කටයුතු කර ඇති බව අපගේ විශ්වාසයයි.

 මංජුලගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කඩිනමින් මැදිහත්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.''





සබැඳි පුවත :
'අරගලයේ දෙවන රැල්ල' : ආරක්ෂක අංශ සීරුවෙන් !

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

නවතම පුවත්