ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස නිර්මාණාත්මක සන්නිවේදකයකු වන අජන්ත සෙනෙවිරත්න පත්කර ඇත.
ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඔහු වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවෙකි.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් මූලික ඉංජිනේරු උපාධියත්, ජ’පුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අජන්ත, ඩිජිටල් යුගයේ සාහිත්‍යවේදියකු සහ නිර්මාණකරුවෙකු ලෙස ශ්‍රී ලාංකේය මාධ්‍යකරණයේ කීර්තියට පත් පුද්ගලයෙකි.
පුවත්පත් ලේඛනය ඔස්සේ සාහිත්‍යකරණයට එළැඹි ඔහු නවකතා නවයක්, කෙටිකතා තුනක්, කාව්‍ය සංග්‍රහ දෙකක්, බෞද්ධ විමර්ශන ග්‍රන්ථයක්, අලෙවිකරණ කෘතියක් ඇතුලුව මේ වනවිට කෘති දහනවයක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කොට ඇත. ලෝක ප්‍රසිද්ධ Who Moved My Cheese කෘතිය "දිවි මග දිනන මග" නමින් සිංහලයට පරිවර්තනය කළේ ද ඔහු විසිනි.
එමෙන්ම, රූපවාහිනී ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දෙන නිර්මාණවේදියෙකු ලෙස ප්‍රකට අජන්ත සෙනවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, ශ්‍රි ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන අලෙවි නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ.
රූපවාහිනි සහ ඩිජිටල් මාධ්‍ය තුළ ඉමහත් පෙරළියක් කරමින් 'චරණ ටීවී' නාලිකාව බිහි වූයේ ද අජන්තගේ අදහසක් සහ මග පෙන්වීම යටතේය.
සබැඳි පුවත් :
ඩිජිටල් යුගයේ සාහිත්‍යවේදි අජන්ත ගේ මතකාවර්ජන