1200 x 80 DMirror

තම පොලිස් බල ප්‍රදේශවලින් පාතාලය හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් මැඩලීමට

අද (26) දිනයේ සිට වහාම කටයුතු කරන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බස්නාහිර පළාතේ හා දකුණු පළාතේ අදාල පොලිස් බලධාරීන් කැඳවා නියෝග කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම නියෝගය ලබාදී ඇති බව ය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති එම සාකච්ඡාව සඳහා පොලිස්පතිවරයා සමග බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ හා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද සහභාගි වී ඇත.

මේවනවිට මෙම පළාත් දෙකෙහි මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා පාතල ක්‍රියා බරපතල ලෙස වර්ධනය වෙමින් තිබෙන බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඇමතිවරයා පෙන්වාදී ඇත.

රටින් පලාගොස් සිටින පාතාල නායකයින් කිහිපදෙනෙකු ඔවුන්ගේ ගෝලබාලයින් ලවා මත කුඩු ජාවාරම හා පාතාල ක්‍රියා මෙහෙයවනබව තහවුරුවී ඇති අතර මෙම කුඩු බෙදාහරින ජාලය අඩපන කරනලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

 පොලිසියේ අදාළ සියලු අංශ වල සහය ලබා ගනිමින් පාතාල කල්ලි මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට මෙම රැස්වීමේදී සාකච්ජා වී ඇත. 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය