ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.



මිය යෑමට පෙර ඡන්දය ඉල්ලා ජනතාවට සේවය කිරීම තමන්ගේ අපේක්ෂාව බව ජනපති සමාව ලද රන්ජන් රාමනායක පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත 2021 ජනවාරි 12 වෙනිදා, බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු ඔහු කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබා අද (අගෝස්තු 26) බන්ධනාගාරයෙන් පිටව ගියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මනූෂ නානායක්කාර ඇමතිවරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

රන්ජන් රාමනායක නිදහස් වන අවස්ථාව දැකගැනීමට විශාල පිරිසක් බන්ධනාගාරය අසල රැඳී සිටි අතර ඔවුහු ප්‍රීති ඝෝෂා නගමින්, රතිඤ්ඤා දල්වමින් තම සතුට පළ කළහ.

විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපතිධූරය රන්ජන්ට ලබා දෙන බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

තමන් විසින් කරන ලද ප්‍රකාශ සම්පුර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

 

 

හරීන් කළ ප්‍රකාශය
 
"වැඩ කරන උං ෂෝ දාන්නේ නෑනේ මල්ලි ,මං වැඩේ කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා, යැයි රන්ජන් රාමනායක නිදහස ලැබීම සම්බන්ධයෙන් 'ලංකාදීප'යට  ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා ඇත.

රන්ජන් රාමනායකට නිදහස ලැබීමෙන් පසු ඔබ ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටින්නේ ඇයි දැයි ලංකාදීපය කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හරීන් ප්‍රනාන්දු මේ බව පවසා ඇත.

මේ අතර රංජන් රාමනායක නිදහස ලැබීමෙන් පසු ට්විටර්  සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මෙසේ පවසයි.

"මම ගත්ත දේශපාලන තීන්දුව ගැන සතුටුයි.  ඔබ ඔබේ කොටස කරන විට, ඔබට ඒවා පින්තූර වලින් සහ මාධ්‍යවලින් ඔප්පු කිරීමට අවශ්‍ය නැත. සතුටුයි රන්ජන් මිත්‍රයා.''යනුවෙනි.

Screenshot 2022 08 27 024336


සබැඳි පුවත් :

රන්ජන් අද නිදහස් - ජනාධිපති අත්සන තබයි !

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්