කල් දමා තිබෙන පළාත් පාලන ඡන්දයට දින නියම කිරීම ලබන දෙසැම්බරයේදී සිදුකෙරෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.



පවත්නා නීතිමය ප්‍රතිපාදන අනුව ලබන වසරේ මාර්තු මස 25 දින දක්වා පළාත් පාලන ඡන්දය කල් දමා තිබේ.

එහෙත් ඊට මාස 6කට පෙර ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඊට දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබේ.

ඒ අනුව මෙම වසරේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ නාමලේඛනය ඔක්තෝබර් මස සහතික කොට නියමිත ඡන්ද ලැයිස්තු ප්‍රකාශයට පත් කළ විට ලබන දෙසැම්බරයෙන් පසු ඕනෑම මොහොතක ඡන්දය පැවැත්වීමේ හැකියාව ඇතැයි මේ ගැන කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.

අලුතින් මෙවර ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් ලක්ෂ 2 ½ කට පමණ සාධාරණය ඉටුකළ යුතු බැවින් මේ වසරේ ඡන්ද ලැයිස්තු විධිමත් ලෙස සැකසෙන තෙක් ඡන්දය පැවැත්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මෙවරද පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මිශ්‍ර අනුපාත ක්‍රමයට බව පැවසූ සභාපතිවරයා එහිදී පළාත් පාලන කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීන් 60% ක්ද සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීන් 40% ක්ද තෝරාගැනෙන බව සඳහන් කළේය.


(deshaya.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්