අරගලකරුවන්ගේ විරෝධය හමුවේ රටින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, සැප්තැම්බර් 04 වෙනිදා උදැසන යළි දිවයිනට පැමිණීමට

නියමිතව ඇතැයි 'පොහොට්ටු' පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කටුනායක ගුවන් තොටුපලේ දී ඔහුව පිළිගැනීම සඳහා විශේෂ වැඩසටහනක් සුදානම් කර ඇතැයි ද එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.

හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු ඔහුට කොළඹ ආරක්‍ෂිත ස්ථානයක නිල නිවසක් ලබාදීමටත්, උපරිම ආරක්ෂාවක් ලබාදීමටත් පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ගේ ඉල්ලීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේවනවිටත් සියලු කටයුතු යොදා ඇතැයි ද වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහුට පොහොට්ටුවේ දේශපාලන කටයුතු සඳහා සහභාගි වන ලෙස ඇරියුම් කිරීමට එම පක්ෂය තීන්දු කර ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තා කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරද්දී පක්ෂයේ ඉහළ තනතුරක් බාරගන්නා ලෙස ඔහුට ඇරියුම් කර තිබූ නමුත් ඔහු පොහොට්ටුවේ කිසිදු තනතුරක් බාරගත්තේ නැත.

එහෙත් මෙවර ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගැනීම සඳහා ඔහුට පක්ෂයේ විශේෂ තනතුරක් ලබාදෙනු ඇති බවද පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.


විමල්ලාගේ අලුත් සභාගය ජනගත කිරීම සැප්තැම්බර් 04


ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීමට නියමිත සැප්තැම්බර් 04 වෙනිදා විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් යෙන් යුත් අලුත් දේශපාලන සභාගය ආරම්භ කිරීමට දින යොදාගෙන තිබීම ද සුවිශේෂ දේශපාලන කාරණයකි.

ස්වාධින පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් බිහිවන අලුත් සභාගයේ ජනගත කිරීමේ මංගල මහා සමුළුව සැප්තැම්බර් 04 වෙනිදා සවස 3.00ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගෝඨාභය රාජපක්ෂ 'ජාතික නායකයා' ලෙස ප්‍රකාශයට පත්කර ඔහුව පාර්ලිමේන්තුව හරහා අගමැති ධුරයට පත්කිරීමට ජාතික සංවිධානවල සුදානමක් ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්