ජනමාධ්‍ය ඇමතිවරයා විසින් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට

දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අසංග ජයලත් නම් කර තිබේ.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියකු වන මොහු, ඩිජිටල් යුගයේ දැන්වීම් නිර්මාණකරුවෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු ද වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය සම්බන්ධිකරන ලේකම්වරයකු ලෙස සේවයකර ඇති අසංග ජයලත්, ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ගණනාවක දැන්වීම්කරණ කටයුතු සම්බන්ධයෙන් සිය දායකත්වය සපයා ඇත.

cia.lk වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන මොහු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳුණු දැනුම සහ තාක්ෂණය පිළිබඳව විදේශ රටවල් ගණනාවකම පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගීවී අත්දැකීම් ලැබුවෙකි.

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්