අද (28) පස්වරුවේ නිකුත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2121 විභාගයේ ප්‍රතිඵල මත

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.

උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් එම පිරිස සියයට 62.9ක ප්‍රමාණයකැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

එය පසුගිය වර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබු 64.39% ප්‍රතිශතය හා සංසන්දනය කළ විට 1.49% ක අඩුවීමකි.

පාසල් අයදුම්කරුවන් 37 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 12 දෙනකු වශයෙන් අයදුම්කරුවන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.

රටතුළ පැවති අර්බුදකාරි වතාවරණය මධ්‍යයේ 2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගය පැවැත්වුණේ මෙම වසරේ පෙබරවාරි මස 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වාය.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 236,035 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 36,647 ලෙස සමස්ත ඇයදුම්කරුවන්
272,682ක් පෙනී සිටියේය.

ඒ පාසල් අයදුම්කරුවන් 149,946 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 21,551ලෙසය.

මේ අතර මෙවර විභාගය සඳහා මුහුණදුන් පාසල් අයැදුම්කරුවන් 37 දෙනෙකුගේ සහ පෞද්ගලික අයැදුම්කරුවන් 12 දෙනෙකුගේ ලෙස සමස්ත අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්මේන්තුව කටයුතු කර තිබේ.

නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ පරික්ෂා කළ හැකිය.

එමෙන්ම හෙට (29) දිනයේ සිට සියලුම විදුහල්පතිවරුන්ට තමන්ට ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කරමින් තම පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

 

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්