ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා

උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම යෝජනාවට ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියා, මලාවි ඇතුළු රටවල්ද අනුග්‍රහය දක්වන අතර එම යෝජනාව සකස් කිරීමේ කටයුවලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. එම්. ඒ සුමන්තිරන් ද සහභාගි වී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු 46/1 යෝජනාවේ කාලය අවසන්වීම හේතුවෙන් නව යෝජනාවක් මෙලෙස සම්මත කිරීමට තීරණය කර ඇත.

 

මෙම යෝජනාවට 2012 වසරේ සිටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු යෝජනාවල ඇතුළත් ක්‍රියාත්මක නොවුණු කරුණු හා නිර්දේශ මෙන්ම 46/1 යෝජනාවේ සඳහන්ව ක්‍රියාත්මක නොවුණු කරුණුද ඇතුළත් කිරීමට නියමිත බව සුමන්තිරන් පවසයි.

 

මෙරට සිදුවු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් ආයතනයක් පත් පිහිටුවීම පිළිබඳ ද නව යෝජනාවට ඇතුළත් වනු ඇති බව ඔහු සඳහන් කරයි.

අරගලකරුවන් සම්බන්ධයෙන් සිදුවන මානව හිමිකම් කඩකිරීම්, අත්අඩංගුවට ගැනීම්, හදිසි නීතීය ක්‍රියාත්මක කිරීම, අහෝසි කරනු ලබන තෙක් ක්‍රියාත්මක නොකරන බවට පොරොන්දුව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත ක්‍රියාත්මක කිරීම හා එමගින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්චිතයින්ට යුක්තිය ඉටු නොවීම යන කරුණුද මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වන යෝජනාවට ඇතුළත් වනු ඇති බවද හෙතෙම කියයි.

තවද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම, යුද්ධය හේතුවෙන් අතුරුදන්වුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම හා වගවීම යන කරුණුද මෙම යෝජනාවට ඇතුළත් කෙරෙනු ඇති බව සුමන්තිරන් වැඩිදුරටත් පවසයි.


(lankadeepa.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්