ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප

සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්‍ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ දී ඊයේ (28) පැවති එම පක්‍ෂ මහරගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට තව ඇමතිවරු 30ක් සහ රාජ්‍ය ඇමතිවරු 40ක් පත්කරන බවට ආරංචි ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

තමන්ට අගමැතිකම ලබාදුන්නේ නම් මීට වඩා වෙනසක් කරන බව පක්ෂයේ අය පැවසුවත් පොහොට්ටු පක්‍ෂයේ නායකයන් විසින් පාලනය කරන ආණ්ඩුවක අගමැතිකමක් තමන් භාරනොගන්නා බව ද හෙතෙම කීවේය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවකුට අද වන තුරු ආණ්ඩුවට එක්වීමට අනුමැතිය දී නැතැයි කී ශ්‍රීලනිප නායකයා, ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල ද සිල්වා ‘වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ’ යනුවෙන් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පැවසූ බව ද කීවේය. එසේ පවසා ඊට පසුදිනම ඔහු ආණ්ඩුවට එක් වූ බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 

මේවා පට්ටපල් බොරු.....


මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සභාව අමතමින් තවදුරටත් මෙසේද පැවසිය.

''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න එක පිළිබඳව කිසිම තීරණයක් ගෙන නැහැ මධ්‍යම කාරක සභාවත් පක්ෂයවත් එහෙම තීරණයක් ගෙන නෑ. සමහර ආණ්ඩුවට ගිය අය මාධ්‍යට කියනවා අපි ගියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවසර අරන්ළු, තවත් අය කියනවා පක්ෂය අනුමැතිය අරන් කියලා මේවා පට්ටපල් බොරු.

මධ්‍යම කාරක සභාවේ දී නිමල් සිරිපාල ඇමතිතුමා පවා කිව්වා අපි යනවා නම් ආණ්ඩුවට යන්නේ වචනය පරිසමාප්තාර්ථයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් පමණයි එහෙම කියපු එතුමා පහුවදා ඇමතිකම ගත්තා.

මේ කිසිම දෙයක් පක්ෂය තීරණ නෙවේ ඒගොල්ලන්ගෙ පෞද්ගලික තීරණ.


තිලංග සුමතිපාල මහත්තයා කිව්වා අපේ කෙනාට අගමැතිකම දුන්න නං ජාත්‍යන්තර සහාය මීට වඩා හොඳ තැනකට රට ගේන්න තිබුන කියලා. එකක් මම කියන්න කැමතියි, මම නං මේ ආණ්ඩුවෙ අගමැතිකම් බාර ගන්න ලෑස්ති නෑ තාමත් මේ ආණ්ඩුව කරන්නේ පොහොට්ටුවේ නායකයෝ. පොහොට්ටුවට බහුතරය තියෙන්නේ, රාජපක්ෂ මහත්තුරු තමයි තාමත් මේ ආණ්ඩුව පාලනය කරන්නෙ ඒ නිසා මටනම් අගමැතිකම අවශ්‍ය නෑ. හැබැයි මම විපක්ෂ සියලු පක්ෂ එකතු කරලා පොදු බලවේගයක් හදලා ආණ්ඩුවක් හදනවා ඒක ස්ථිරවම කරනවා.


''මේ අවුරුද්දේ කිසිම මැතිවරණයක් නෑ ඒක ස්ථිරයි.''


මිනිස්සුන්ට දරිද්‍රතාවය ගොඩක් දැනෙනවා, දරුවෙක් පාසල් පවා යවාගන්න බැහැ, කන්න ටික නැහැ මන්ද පෝෂණය වැඩි වෙලා,බෙහෙත් ටික ගන්න සල්ලි නෑ එන්න එන්න රට ආගාධයට යනවා පහුගිය දවස් එක පොලොන්නරුවෙ ඉඳන් මම කොළඹට එනකොට දැක්කා හැතැක්ම ගණන් ආයෙත් පෝලිම්.

රුසියානු ගුවන් යානා ප්‍රශ්නයේදී මම ක්ෂණිකව රුසියානු ජනාධිපතිවරයාට පෞද්ගලිකව ලිපියක් යවලා අපේ රටට උදව් කරන්න ඉල්ලුවා.
මේ රටේ ප්‍රශ්න මට පුළුවන් මට්ටමේ විසඳන්න මම උත්සහ කරනවා හැබැයි දූෂණය වංචාව අඩු කළොත් පමණයි ඇත්තටම මේ රට ගොඩනගන්න පුළුවන්,

අද රටේ මිනිස්සු 225 ටම බනිනවා මම ඒකට විරුද්ධයි. හැත්තැ පහක් සීයක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ හොඳ අය දූෂණ වංචාවෙන් තොර එනිසා 225ම හොරු කියන එක වැරදියි.''

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්