1200 x 80 DMirror

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ උපයන මුදල් ඩොලර් ලෙස ලංකාවට එවනු වෙනුවට විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඒවා බෙදීයන

සැලසුම්සහගත වැඩපිළිවෙළක් ගැන මහ බැංකුව හා පොලිසිය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.

ඒ අනුව උණ්ඩියල් හා හවාලා වැනි ක්‍රම මගින් විදේශ මුදල් හුවමාරු කිරීමට යොමු වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ නීතිය හමුවට ගෙනයාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 

කොරියාව, ජපානය, කුවෙට්, ඩුබායි, අබුඩාබි ඇතුළු රටවල් රැසක ශ්‍රී ලාංකිකයන් උපයන විදෙස් විනිමය හවාලා ක්‍රමය යටතේ විදෙස් රටවල් තුළම රඳවා ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කළ සැලසුමක් හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

 

මෙරටට එවන මත්ද්‍රව්‍ය තොගවලට අදාළ මුදල් බැංකුගත කිරීම වෙනුවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස්වලට රුපියල්වලින් එම මුදල් ලබාදීම ජාවාරම්කරුවන්ගේ සැලසුමය. ඒ වෙනුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සිටින රටවලින් ඒ වෙනුවට මුදල් රැස්කිරීමට නියෝජිතයන් සිටින බවද හෙළි වී තිබේ.

උණ්ඩියල්, හවාලා ජාවාරම්වල නිරත මත්ද්‍රව්‍ය ජාවාරමුන් නීත්‍යනුකූල බැංකු පද්ධතියෙන් පරිබාහිරව මෙම ජාවාරම උපක්‍රමයක් ලෙස ව්‍යාප්ත කර ඇත.

දැනට වසරකට අධික කාලයක් තිස්සේ මහා පරිමාණ කුඩු ජාවාරම්වල මුදල් සංසරණය වූ බැංකු ගිණුම් සොයා රාජසන්තක කිරීමට පටන් ගැනීම හමුවේ මෙම උපක්‍රමය යොදවා ඇතැයි අනාවරණය වී ඇත.

මෙරට තුළ ආර්ථික අර්බුදයට මූලිකම හේතුව වූ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් බැංකු ගිණුම්වලට විදෙස් විනිමය ලැබීම අඩුවීම සම්බන්ධව මහ බැංකුව නිරීක්ෂණය කර තිබුණේ නීතිවිරෝධී මුදල් ගනුදෙනු ගැනය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද මෙරට තුළ කිලෝ ගණනින් එකිනෙක මත්ද්‍රව්‍ය තොගවල මුදල් බැංකු ගත නොවීම සම්බන්ධව විමර්ශන අරඹා මෙම ජාවාරම් හෙළිකරගෙන තිබිණි.

 

මහ බැංකු අධිපතිවරයා කළ ඉල්ලීමක් මත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මේ සම්බන්ධ විමර්ශන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත.

මේ අනුව මහ බංකුව හා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයද සමග ඒකාබද්ධව විදෙස්ගත ලාංකිකයන්ගේ තොරතුරු පද්ධතිය ලබාගෙන ඔවුන්ගේ ගිණුම්වලට මීට පෙර මුදල් ලද ආකාරය සහ මේ වන විට මුදල් එවන ආකාරය නිරීක්ෂණය කිරීමට තීරණය කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමුන් විසින් නීතිවිරෝධී ආකාරයට ඉපැයූ මුදල් පරිහරණය කරන චෝදනාවලට විදෙස්ගත ලාංකිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා කර තිබේ.

මෙම විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් යටතේ විශේෂ කණ්ඩායම් හතරක් යොදවා ඇත.


(aruna.lk-තිස්ස රවින්ද්‍ර පෙරේරා)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්