ඉන්ධන ප්‍රසම්පාදන අධීක්ෂණ කාරක සභාවේ මුල් පුටුව භාරගෙන කරලා පෙන්වන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ

අභියෝගය බාර ගැනීමට සුදානම් බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

මේ වනවිට කතාබහට ලක්ව ඇති ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

එහිදී එම කාරක සභාව පිහිටුවා එහි සභාපතිත්වය විපක්ෂයට ලබාදිය යුතු බව ජනාධිපතිවරයා හා සාකච්ජා කල බවත්, ඒ අනුව මෙම ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව දිගින් දිගටම දැනුවත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එහි සභාපතිත්වයට පත්කළ යුතු බවත් අමාතවරයා කියා සිටියේය.

ඒ අනුව ඉන්ධන ආනයනයේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව අධික්ෂණය සිදුකිරීම සඳහා නිර්මාණය කරනු ලබන එම නව කාරක සභාවේ සභාපතීත්වය දරමින් එය මෙහෙයවීමට පාඨලී චම්පික රණවක කැමැත්ත පළකරනු ලැබීය.

එමෙන්ම චම්පික රණවක මන්ත්‍රීවරයා, කංචන විජේසේකර අමාත්‍යවරයා අමතා වැඩිදුරටත් පවසා සිටියේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොව විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස යි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්