1200 x 80 DMirror

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෞදියේ ඔටුන්න හිමි නියෝජ්‍ය අගමැති සහ

ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් කුමරුට ලිඛිත පණිවිඩයක් යවා ඇති බව සෞදි පුවත්පත් ඒජන්සිය වාර්තා කරයි.


ද්විපාර්ශ්වික සබඳතා සහ ඒවා සෑම ක්ෂේත්‍රයකම දියුණු කිරීමට අදහස් කිරීම මෙම ලිපි හුවමාරුවේ අරමුණ වන අතර එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු වෙනුවෙන්, නියෝජ්‍ය විදේශ අමාත්‍ය Waleed bin Abdulkarim Al-Khuraiji සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම පණිවිඩය ලබා දී ඇත.

ඔවුන්ගේ හමුවේදී සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ ක්ෂේත්‍රවල ඒවා නංවාලීමේ ක්‍රම පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා සිදුකර ඇත.  මෙම අවස්ථාවට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පකීර් අම්සා ද එක්විය.

මිත්‍ර රටවල් දෙක හා සම්බන්ධ වන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ජනාධිපතිවරයාගේ ලිපියේ සඳහන් කර තිබී ඇති අතර විවිධ ක්ෂේත්‍ර වල ආයෝජනය කිරීම සඳහා සෞදි රජයට ආරාධනය කරමින් යැවූ සංදේශයට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි පරිසර අමාත්‍යවරයා පවසයි.


අමාත්‍ය නසීර් අහමඩ් සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානියා හමුවෙයි

xcdfghdfg

සෞදි අරාබියේ සංචාරයක නිරත පරිසර අමාත්‍ය හෆීස් නසීර් අහමඩ්, සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අල්-මුර්ෂේඩ් අගෝස්තු 28 ඉරිදා රියාද් හි පිහිටි අරමුදලේ මූලස්ථානයේදී හමුවි තිබේ.

ශ්‍රී ලංකාවේ සෞදි අරමුදලෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිලිබදව මෙහිදී සාකච්ඡා ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය අහමඩ් සහ අල්-මුර්ෂේඩ් අතර සාකච්ඡා සදහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පකීර් මොහොමඩ් අම්සා ද සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස පරිසර අමාත්‍ය හෆීස් නසීර් අහමඩ් රියාද් නුවරට ගොස් සිටී.

 අමාත්‍යවරයා රියාද් හි කෙටි කාලයක් රැඳී සිටින අතරතුර රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ගණනාවක් හමුවීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසයි. 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය