ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ සටනට නායකත්වය ලබාදීම සඳහා එම පක්ෂයේ හිටපු නායිකා, ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

අද (29) දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතබව ඇයගේ කාර්යමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ඒ අනුව ඇය ඉදිරිදින කිහිපය තුලදී ශ්‍රීලනිප ආසන සංවිධායකයින් වරින්වර කැඳවා ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟත්වය ඇතිකර ගැනීමටත් නොවැම්බර් මස 05දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පක්ෂ නියෝජිතයින්ගේ සමුළුවක් කැඳවීමටත් නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

theleader.lk වෙත වාර්තාවන පරිදි 'පොහොට්ටුවට' සහයදීමට ඉදිරිපත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඉදිරි දින කිහිපය තුලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය හමුවීමට දින වෙන්කරවා ගෙන ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්