1200 x 80 DMirror

අතුරුදහන් වූ පුතුන් දෙදෙනාගේ මුහුණු තමන් මිය යෑමට පෙර දැකීම එකම සිහිනය බව වවුනියාවේ ජීවත්වෙන අන්නලක්ෂ්මි BBCයට පැවසුවාය.



අතුරුදහන්වූවන් සොයා දෙන්නැයි ඉල්ලා දින 2000කට වැඩි කාලයක සිට වවුනියාවේ පැවැත්වෙන අඛණ්ඩ උපවාසයට ද ඇය ආරම්භයේ පටන් එක්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ බලයට පත්වෙන පුද්ගලයන් විසින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ව දිගින් දිගටම රැවටීමට ලක්කර ඇති නිසා ජාත්‍යන්තර මැදිහත්වීමකින් පිළිසරණක් අපේක්ෂා කරන බව ඇය වැඩිදුරත් පැවසුවාය.

අතුරුදහන්වූවන්ගේ දෙමාපිය සංගමයේ ලේකම් රාජ්කුමාර් පවසන්නේ උපවාස අතරතුර උතුරු නැගෙනහිර මවුවරු 120ක් පමණ මියගිය බවයි.

 

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත්වූවන්ගේ ජාත්‍යන්තර දිනය, අගෝස්තු 30 වන දින එනම් අදට යෙදී තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වැඩිම රටවල් අතරින් 2වැනි ස්ථානයේ පසුවෙයි.

 

1992 දෙසැම්බර් 18 වැනි දින 47/133 දරන යෝජනාවෙන් එක්සත් ජාතින් විසින් සියලුම රාජ්‍යයන් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් ලෙස එහි මහා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලහත්කාර අතුරුදහන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ යෝජනාවලිය ප්‍රකාශනයට පත් කොට තිබේ.

ඒ අනුව එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස හැඳින්වේ.

lksha

jkas
(BBC සිංහල සේවය)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය