පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.


ඊට අදාල කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (29) පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කර තිබේ.

පක්ෂ නායකයින් හා අගමැතිවරයා අතර ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ජාතික සභාව සඳහා වන මෙම කොටුම්පත ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙහිදි පක්ෂ නායකයන් විවිධ අදහස් දක්වා ඇති අතර, පාර්ලිමේන්තුවේ පක්ෂවල පොදු එකඟතාවයකින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මග පෙන්වීම මෙහි අරමුණ විය යුතු බව පක්ෂ නායකයෝ ප්‍රකාශ කර තිබේ.

ජාතික සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ රජය කෙටුම්පත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් කඩිනමින් ලිඛිතව ලබාගැනීමටද මෙහිදී තීරණය වී ඇත.

එම අදහස් සමග වැඩි දියුණු කළ නව කෙටුම්පතක් සකසා, එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (02) යළි රැස්වන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමටද තීරණය වී තිබේ.

ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් සහ දැනට ඇති ස්ථාවර කාරක සභා 12 ට තවත් 3ක් එකතු කිරීම සම්බන්ධයෙන් රජයේ යෝජනාවද මෙහිදී පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කර ඇත.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය,  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන වූ පක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ඊපීඩීපී, ජාතික කොංග්‍රසය ආදී පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ, කණ්ඩායම් නායකයෝ එක්ව සිටියහ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා