රාජ්‍ය බැංකු වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් අයිතියෙන් 20% ක් එම බැංකුවල තැන්පත්කරුවන් හා සේවකයින් වෙත ලබා දීමට

යෝජනා කරන බව මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (30) දින 2022 අතුරු අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව යෝජනා කළේය.

ඒ සමබන්ධයෙන් ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''රටේ මුදල් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රධාන නීති සම්පාදනයක් ලෙස නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරනවා. මෙම නීති සම්පාදනය මගින් උද්ධමනය ඉලක්ක කිරීම වඩාත් හොඳින්ම ක්‍රියාත්මක කිරීමටත්, අයවැය හිඟය පියවීමට මහ බැංකුවේ මුදල් ලබා ගැනීම, එනම් මුදල් මුද්‍රණය කිරීම වැලැක්වීමටත්, රාමුවක්  සපයා දෙනවා. නව නීතිය මඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණය දේශපාලනීකරණය වීම ද වැළකෙනවා.

කෙසේ වෙතත් දුර්වල රාජ්‍ය ආදායම සහ අයවැයේ ශුද්ධ විදේශ මූල්‍යන හිඟකම අනුව බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන් හරහා අයවැය සඳහා විදේශ මුල්‍යනය විවෘත වන තෙක් මහ බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වලක්වන්න අපහසුයි.

රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20%ක ප්‍රමාණයක් එම බැංකු වල තැන්පත්කරුවන් සහ සේවකයින් වෙත ලබා දෙනවා. පොලී අනුපාතික වැඩි කිරීම, අක්‍රීය ණය වැඩි කිරීම, ආර්ථීක අර්බුදය නිසා ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාර විසින් මුහුණ දී ඇති ගැටළු සහ රාජ්‍ය බැංකු විසින් මුහුණ දී ඇති ගැටළු, ද්‍රවශීලතා ගැටළු යනාදිය හේතුවෙන් යළි ප්‍රාග්ධන සම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීම  සඳහා ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන්, මුළු කොටස් අයිතියෙන් 20% ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන් හා සේවකයින් වෙත ලබා දීමට යෝජනා කරනවා.

 රාජ්‍ය මූල්‍ය අවකාශය ඉතා අවම වීම නිසා රජයේ බැංකුවලට අතිරේක ප්‍රාග්ධනය සපයා දීම මේ වන විට රජය ඇති හැකියාව ඉතා සීමිත බවද සඳහන් කරන්න කැමතයි.''

(adaderana.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්