වත්මන් ආර්ථික අර්බුදයෙන් සඳහා සහන වැඩසටන් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.



අද (30) පාර්ලිමේන්තුවේදී අතුරු අයවැය ඉදිරිපත් කරමින් ඔහු ඒ බව පැවසීය.

"ආර්ථීක අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 133ක් වෙන් කර තිබෙනවා."

"ඒ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් මිලියන 3.2ක් සඳහා කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාවය මත මා විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට පෙර මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව මගින් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කටයුතු කරනවා."  

"දැනට සමෘද්ධි සහනාධාර ලබන මිලියන 1.7ක් පමණ සඳහා මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5,000ත් 7,500 අතර වන ලෙස ප්‍රමාණයකින් වැඩිකර ලබාදෙනවා."

"ඊට අමතරව සමෘද්ධි ලබාගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ සිටින 726,000ක් සඳහා මසකට රුපියල් 5,000ක තාවකාලික දීමනාවක් ලබාදීමට කටයුතු කළා."

 

"එමෙන්ම ආධාර ලබන වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා ගෙවනු ලබන දීමනාව මසකට රුපියල් 5,000 සිට රුපියල් 7,500 අතර ප්‍රමාණයකින් වැඩිකර ගෙවීමට කටයුතු කළා."

 

"මෙම ආධාර ලබාගැනීමට පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයින් සඳහා මසකට රුපියල් 5,000ක තාවකාලික දීමනාවක් ලබාදීමටත් කටයුතු කළා."

"ගර්භණී කාන්තාවන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව රුපියල් 2,500ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමටත් මම යෝජනා කරනවා."

"ඉතා ඉක්මණින් සහන සැලසිය යුතු පවුල් 61,000ක් වාර්තාවී තිබෙනවා. එවැනි එක් පවුලකට ඉදිරි මාස 04 සඳහා මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීමට මා කටයුතු කරනවා."

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්