බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා වයස අවුරුදු 18ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින් අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ

ලියාපදිංචි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ මුදල් අමාත්‍යවරයා ලෙස විසර්ජන පනත් කෙටුම්පතට අදාළව අතුරු අයවැය පිළිබඳ කතාව සිදු කරමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බදු අනුකූලතාවය වැඩිකිරීමටත් බදු ගෙවීම පැහැරහැරීම වැලැක්වීමටත් බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටුකළ යුතු බවය.

ඒ අනුව දැනට පවතින අවශ්‍යතාවයන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා මෙම තීරණය ගත් බවද ජනපතිවරයා පැවසීය.

 

2025 වසර වනවිට රාජ්‍ය ආදායම 15% කින් වැඩි කරන බවත්, වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ආදායම් වැඩිකිරීමේ නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

 

එමෙන්ම එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළ දමා ඇති අතර රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රුපියල් මිලියන 200ක් වෙන් කල බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළ පාර්ලිමේන්තු කමිටුවක් හා අබලි ද්‍රව්‍ය බැහැර කිරීමට අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමටත් රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසිය.

රාජ්‍ය වියදම් ක්‍රමවේදය අධීක්ෂණයට නව අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන බවත් රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20%ක් තැම්පත් කරුවන් වෙත පිරිනමන බවත් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූවන් සඳහා ලබාදුන් සහනය ඉදිරි මාස 04ටද ලබාදීමට පියවර ගන්නා බවත් භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාරයක් ලබා දෙන බවත් ගැබිණි මව්වරුන් සඳහා දැනට ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට රුපියල් 25,000ක අමතර දීමනාවක් එක් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

 
 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්