theleaderlk 01

සෝවියට් සමූහාණ්ඩුවේ අවසාන නායකයා වූ මිහායිල් ගොර්බචොව් (Mikhail Gorbachev) දීර්ඝකාලීනව පෙළුණු වකුගඩු රෝගයක් හේතු කරගනිමින් ඊයේ (30) මොස්කව්හි රෝහලක දී අභාවප්‍රාප්ත

වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි.

සෝවියට් නායක මිකායිල් ගොර්බචොව්ගේ අභාවය සැලවුණු සැණින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කළේය.

මිකායිල් ගොර්බචොව් බලයට පැමිණියේ 1985 වසරේදීය. සෝවියට් දේශය සහ බටහිර රටවල් අතර යහපත් සබඳතා ඇති කර ගැනීමට කටයුතු කළ නායකයකු ලෙස ද ගොර්බචොව් සැලකෙයි.

එසේ වුවත්, 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩී වෙන්වීම වළක්වා ගැනීමට ගොර්බචොව් සමත් වූයේ නැත.

බොහෝ රුසියානුවන් චෝදනා කරන්නේ, සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට වෙන් වූයේ, ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්ති නිසා බවය.

සෝවියට් සමූහාණ්ඩව බිඳ වැටීමට වසරකට පෙර 1990 දී මිකායිල් ගොර්බචොව්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. ඒ, විරසක පසෙකළා සෝවියට් සමූහාණ්ඩුව සහ බටහිර රටවල් අතරේ යහපත් සබඳතා පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය ගත් බැවිනි.

 126534818 gettyimages 50436214
Ronald Reagan and Mikhail Gorbachev signing the Intermediate-Range Nuclear Forces Treaty in 1987.




අවසාන සෝවියට් නායකයාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, පුටින්ගේ යුක්රේනය ආක්‍රමණය උපුටා දක්වමින්, පැවසුවේ "සෝවියට් සමාජය විවෘත කිරීම සඳහා ගොර්බචෙව්ගේ වෙහෙස නො බලා කැපවීම අප සැමට ආදර්ශයක්" බවයි.

මේ අතර, හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජේම්ස් බේකර්, ගොර්බචෙව් පිළිබඳ විස්තර කළේ "ඔහුගේ ශ්‍රේෂ්ඨ ජාතිය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමු කළ යෝධයෙකු" ලෙසයි.

තව ද, එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ "ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ" නායකයා ගොර්බචොෆ් බවයි.


Mikhail Gorbachev in 2019 warned about the danger of tensions between Russia and the West

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM