''මේක පූර්ණ අයවැයක් නෙවෙයි. මේ මගින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති දිශාව. මම හැමදාම කියනවා වගේ මම ඒ ආර්ථික

ප්‍රතිපත්තියට එකඟයි. '' සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු එබව කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

''රනිල් වික්‍රමසිංහ මහතා මේ වගේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ ⁣මේ පාර විතරක් නෙවෙයි.  ඔහු හැමදාම ඉදිරිපත් කළේ පුද්ගලික අංශයට මුල්තැන දෙන, ලෝකය සමග එකතුවුණු, තරගකාරීත්වය වැඩිකළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්.

හැබැයි, ඔහුට ඒක කරන්න කවදාවත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ලිංමැඩි ආර්ථික කල්ලිය ඉඩ දුන්නෙ නෑ. ඉතිං, මේ සැරේ ඒක කරන්න ඉඩ දේවිද? මම නම් හිතන්නේ මේ පාරත් ඔවුන් ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ.  කොහාට කූඩුවක් නෑ.


''කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ''



කොහා කාක්කාගේ කූඩුවේ ගිහින් බිත්තර දානවා. පොඩිකාලේ කොහාගේ පැටව්ත් කාක් පැටව් වගේ. හැබැයි, ටික ටික ලොකු වෙනකොට කොහා⁣ පැටව් කාක්කට  අඳුරගන්න පුලුවන්. එතකොට කාක්කා කොහා පැටව් එලවලා දානවා.

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියත් කාක් කූඩුවේ දාපු කොහා පැටව් වගේ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියන දේශපාලන තත්ත්වයත් එක්ක ක්‍රියාත්මක කරන්න අමාරුයි.




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්