දීර්ඝ කාලීනව පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
කෙසේ වෙතත් එම ආයතනවල අයිතිය රජය සතුව තබා ගත යුතු බව අමාත්‍යවරයා සදහන් කළේය.
පාඩු ලබන රාජ්‍ය ආයතනවල ඇතැම් මාෆියාවන් ක්‍රියාත්මක බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේය.
අමාත්‍ය විදුර වික්‍රමනායක මෙම අදහස් පල කළේ හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊයේ (30) අයවැය ඉදිරිපත් කරමින් පැවසුයේ, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුගත කිරීමට ඒකකයක් පිහිටුවීමත්, ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කිරීමටත් රජය තීරණය කර ඇති බවයි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.