හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම වැරදීමක් දැයි රටේ කෙටිම කාලයක් තුල වැඩිම ඡන්දයක් ලබා බලයට පත්වී ඒ හා සමානම කෙටි

කාලයකින් බලය අතහරින්නට සිදුවූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සාකච්ඡාවට ලක් කොට තිබේ.

මේ වන විට සමාජමාධ්‍ය වල හුවමාරු වන එම පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් බව පෙන්නුම් කෙරෙන ජායාරූපයක ඉහලින් ඇති විද්‍යුත් පුවරුවක එය  ලිඛිතව සදහන්ව තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මුලසුන ගෙන සිටින එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටි.

විධායක ජනාධිපති ධුරයත් පාර්ලිමේන්තුවේ බහුතර බලයත් අත්පත්කරගෙන සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා  කෙටි කාලයක් තුලදී තමන්ට වැරදීමට  හේතුවු මුලික කාරණා කිහිපයක් සාකච්ඡාවට භාජනය කර ඇති බව දක්නට තිබේ.

"අපට වැරදුණේ කොතැනද?" ප්‍රශ්නාර්ථය සහිත පැනයට යටින්  ඊට හේතු වු කරුණු හයක් සදහන්  කර තිබේ.

රසායනික පොහොර ගැටලුව, ඇතැම් අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලය තුළ සාමූහික වගකීම අතහැරීම, රජයක් ලෙස අරගලය පිළිබදව අනවබෝධය, මාර්තු 31 මිරිහාන පහරදීමෙන් පසු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම අරගලකරුවන්ට අනුබල දිමකි, අගමැතිතුමන්ට  තනතුර අතහරින්නට සිදුවීම, ජනාධිපතිතුමන්  ඉල්ලා අස්වීම එම කරුණු හයයි.

මේ දිනවල ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ විසින් සියලුම් දිස්ත්‍රික්ක නියෝජනය කරන මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පක්ෂ කාර්යාලයට ගෙන්වා ඉදිරි දේශපාලන  කටයුතු සදහා පක්ෂය සූදානම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

mahinda pathiranaසමාජමාධ්‍ය වල හුවමාරු වන පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවට අදාල ජායාරූපය සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.


''මේ පින්තූරය වෛරල් වෙලා තිබුණා. විපක්ෂ මතධාරීන් ඊට බොහෝ සේ පහර දී තිබුණා. ඒක හොඳයි. පොදුජන පෙරමුණ තාමත් ලංකාවේ ප්‍රබලම දේශපාලන පක්ෂය කියන එකට සාක්ෂියක් ඒක.

මේ පක්ෂය විසින් සංවිධානය කරපු අභ්‍යන්තර රැස්වීම් මාලාවක එකක් වූ නුවරඑළිය දිස්ත්‍රික් රැස්වීම. ඊයේ (අගෝ 30) දිස්ත්‍රික් 4ක් කැඳවල තිබුණා. මෙතන එම දිස්ත්‍රික්කයේ අය ව⁣ගේ ම නාමල් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුත් ඇවිත් හිටියා.

උදෑසන රැස්වීම පැවතියේ බැසිල් රාජපක්ෂ මහතා⁣ගේ ප්‍රධානත්වයෙන්. පසුව පැවති රැස්වීම්වල ප්‍රධානත්වය ගත්තේ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්.

මම ගැනත් කියල තියෙනව දැක්ක. කොනකට දාලා කියල. ඔව්. මමත් කොනකට දාලා ඉන්නව තමා. ගෙදර බංකුවක ඉඳගෙන හිටියත් මොකද !  නාමලුත් මේසේ කොනටම දාලා. අනික ඔතන සාගර වෙනුවට මුල් පුටුවේ නාමල් වාඩිවෙලා හිටිය නම් මොකක්ද කියන්නෙ? ඔන්න පොහොට්ටුවෙ අය බේබිලට වහල්කම් කරන හැටි කියල කියයි.

ඒ කොහොම වුනත් අප පසුගිය කාලයේ පැවති දේශපාලන තත්වයන් ගැන අලුතින් හිතන මතන කතා කරන විනයවත් වෘත්තිය පක්ෂයක් බව මහජනතාව අතරට ගෙනියනවට තෑන්ක්ස්.''


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්