ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිසංස්කරණවාදී කණ්ඩායම ඊයේ (අගෝ 31) විපක්ෂයේ අසුන් ගැනීමත් සමග එම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයින්ට
පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහුරා දැමීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව, අද (01) දිනයේ අයවැය විවාදයට සහභාගී වීමට නියමිතව සිටි එම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයින්ගේ නම් කතිකා ලැයිස්තුවෙන් කපා හැර ඇතිබව පැවසේ.
ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වෙතයි.
පාර්ලිමේන්තුව තුල සභාව ඇමතීමේ කාලය වෙන්කරනු ලබන්නේ පක්ෂ හෝ කන්ඩායම් වල සිටිනා මන්ත්‍රීවරු සංඛ්‍යාව පදනම් කර ගනිමිනි.
කතානායකවරයා සමග ඇතිකරගත් එකඟතාවයක් අනුව ඊයේ දිනයේ ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්රමුඛ ස්වාධින කන්ඩායමට දිනකට විනාඩි 18 වෙන් කර ඇති අතර ඊයේ දිනයේ ගුනපාල රත්නසේකර හා වසන්ත යාපා මන්ත්‍රීවරුන්ට විනාඩි 9 බැගින් අයවැය විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී ඇත්තේ ඒ අනුවය.
එහෙත් අද ලැයිස්තුවේ ආචාර්ය නාලක ගොඩහේවාගේ හා චන්න ජයසුමනගේ නම කපා හැරීමට කටයුතු කර ඇතැයි පැවසේ.
කෙසේවුවද අද කතික ලැයිස්තුවේ වාසුදේව, වීරසුමන, අනුර යාපා වැනි ස්වාධීන වු අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ නම් ඇතත් ගොඩහේවාට හා චන්න මන්ත්‍රීවරුන්ට එලව එලව පහරදෙන්නේ ප්‍රසන්න රණතුංගගේ පෞද්ගලික කෝන්තරයක් නිසා බව පැවසේ..
මීට පෙරද ආර්ථිකය පිළිබද කාලින විවාදයකදි ආචාර්ය ගොඩහේවාගේ නම කපා පසුව එසේ නොකල බවට ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කටයුතු කර තිබිණ.
පසුගිය මහ මැතිවරණයේදී මනාප ඡන්ද සම්බන්ධයෙන් ඇතිවූ අභන්තර ගැටුම් මිට හේතුවී ඇතැයි පසුව අනවරනයවිය. එම මැතිවරණයේදී ප්‍රසන්න රණතුංග දෙවැනි තැනට දමමින් නාලක ගොඩහේවා මනාප ලයිස්තුවේ පෙරමුණ ගෙන තිබිණ.