IMFහි ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෘවර් සහ ජ්‍යේෂ්ඨ ආර්ථික විශේෂඥ මසහිරො නොසකිගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර

මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් අගෝස්තු 24 දා සිට සැප්තැම්බර් 1 දා (අද) දක්වා කොළඹට පැමිණ සිටියි.

ඒ, ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීම හා මෙරට විස්තීරණ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ සාකච්ඡා ඉදිරියට පත්වාගෙනයෑම සඳහා ය.

 

ඒ අනුව අද පැවැති සාකච්ඡාවේ දී, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48ක වැඩපිළිවෙලක් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ මුදලකින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීමට IMF කාර්යයමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යයමණ්ඩල-මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

 

අරමුදලේ අනුග්‍රහය සහිත ශ්‍රී ලංකාවේ වැඩසටහනේ අරමුණුවන්නේ, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරබව ප්‍රකෘතිමත් කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි ජනයා ආරක්ෂා කිරීම සහ දූෂණයේ අවදානම ඇමතීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වේගවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවරකිරීම යි.

ශ්‍රී ලංකාවේ ණය තිරසරබව සහතික කිරීම සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ණයහිමියන්ගෙන් ණය සහන සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍ය සහාය අවශ්‍ය වග IMF කාර්යයමණ්ඩලය පෙන්වා දී තිබේ.

අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් බෘවර් සහ නොසකි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශය උපුටා දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීමට ප්‍රථම, ණය තිරසරබව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන්ගෙන් මූල්‍යමය රක්ෂණයක් ද, පෞද්ගලික ණය හිමියන් සමඟ සහයෝගීතා ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් උත්සාහ දැරීම ද ඉතා වැදගත්බවයි.

prof d

IMFහි ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශයේ ප්‍රධානී පීටර් බෘවර්

 

"ශ්‍රී ලංකාව උග්‍ර අර්බුදයකට මුහුණදෙමින් සිටියි. බාහිර අන්තරාච ප්‍රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්‍ය ණය ගතිකයක් හේතුවෙන් එහි අවදානම් වර්ධනය වී තිබේ."

"අප්‍රේල් මාසයේ දී ණය ගෙවීම අත්හිටුවීම නිසාවෙන් ශ්‍රී ලංකාව එහි බාහිර මූල්‍යමය බැඳීම් පැහැරහැරි අතර, විදේශ සංචිත තීරණාත්මක ලෙස අඩු මට්ටමක පැවතීම නිසාවෙන් ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධා සිදුවී, ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් අඩාලකර ඇත. 2022 දී ආර්ථිකය 8.7%කින් හැකිළෙනු ඇතැ යි අපේක්ෂා කරන අතර, මෑතක දී උද්ධමනය 60% ඉක්මවීය. එහි බලපෑම අසමානුපාතික ලෙස දැරීමට සිදුව ඇත්තේ දරිද්‍රතාවේ පසුවන්නන්ට සහ අවදානමට ලක්විය හැකි තැනැත්තන්ට ය."

"මෙම පසුබිමට එරෙහිව, මූල්‍ය අරමුදලේ සහාය ලබන ශ්‍රී ලංකා බලධාරීන්ගේ වැඩසටහන, ආර්ථිකය ස්ථාවර කිරීම, ශ්‍රී ලාංකිකයාගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම, සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා පසුබිම සකස් කිරීම හා සියල්ලන් ඇතුළත් හා තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි." යනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිකුත් කළ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන්ය.

(BBC සිංහල සේවය )

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්