විරෝධතා වල  නිරත වන සරසවි සිසුන්ට ආරක්ෂක අංශ විසින් කරනු ලබන පහරදීම්

හෙළා දකින රටේ ඉහළම හමුදා නිලය දරන්නා හමුදාවේ කප්පාදු කිරීම් වලට එරෙහිවද සිය විරෝධය පළ කර තිබේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයට සැප්තැම්බර් 1 වැනිදා එක්වෙමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කළේ අරගලයේ නිරත දරුවන්ට හිරිහැර කරන ආරක්ෂක නිලධාරීන්ට තම රජයක් යටතේ දැඩි දඬුවම් දෙන බවයි.



"පොලීසිවල අයටයි හමුදාවල අයයි තේරුම් ගන්න ඔන මේ ගහන ගැහිල්ල තමූන්නාන්සේලාට කවදාහරි කැරකෙනවා. තමුන්නාන්සේලාගේ දරුවන්ටත් කැරකෙනවා."


කෙසේවෙතත්, හමුදා බලය අඩු කිරීමටත් ෆීල්ඩ් මාර්ෂල්වරයා විරෝධය පල කළේය.

"අපි දැක්කා ගරු ජනාධිපතිතුමා කියනවා ආරක්ෂක උපායමාර්ග සමාලෝචනය කරනවාලු. මට තාමත් මතකයි 2002 මම යාපනයේ අධිපති. එතකොටත් ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කරනවාය කියලා මේ ගොලේලෝ කරේ හමුදාවේ බලය අඩු කරන්න ක්‍රියාත්මක කරන්න හැදුවා. එතකොට කිව්වා අපි හමුදාව අඩුකරනවා නෙමෙයි හමුදාව අවශ්‍ය ප්‍රමාණයට හදනවා කිව්වා. ඒවගේ දේවත් තමයි හැමදාම එකම කචල් දේවල්ම තමයි මේ ගොල්ලන්ගේ ඔලුවේ තියෙන්නේ. හමුදාවලට ත්‍රිවිධ හමුදාවලට තට්ටු කරන්න තමයි මේ ලැස්ති වෙන්නේ නැවත වරක්."

මර්දනයට ලක්ව සිටින දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වන්නැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයා රටේ නීතිඥ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.


රාජ්‍ය ත්‍රස්තවාදය

රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක රටක් බැවින් ශ්‍රී ලංකාවට මුදල් එවීමෙන් වැළකී සිටින ලෙසත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉල්ලා සිටියේය.

"පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ත්‍රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එපා. "

 

 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්