theleaderlk 01

2022 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර

තරගයේ ජය ශ්‍රී ලංකාව විසින් හිමි කර ගත්තා. ඒ කඩුලු 4ක් හා පන්දු 5ක් අතැතිව.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා මුලින් ම පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි රහ්මනුල්ලා ගුර්බාස් සහ හස්රතුල්ලා සසායි තම කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා ගත්තා.

hazrathulla

කෙසේ නමුත් එම වේගයට නැවතීමක් තබන්නට ශ්‍රී ලංකා නවක වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුෂංකට හැකියාව ලැබුණේ, හස්රතුල්ලා සසායිගේ කඩුල්ල දවා ගනිමින්. ඒ ඔහු ලකුණු 13ක් ලබා සිටිය දී යි.

අනතුරුව වේගවත් පිති හරඹයක් දියත් කරමින් සිටි රහ්මනුල්ලා ගුර්බාස්ගේ සහායට පිටියට පිවිසියේ ඊබ්‍රහීම් සද්‍රාන්.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නැවතත් අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් වුණා.

එහි දී වේගවත් පිති හරඹයක නියැලුණු ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 84ක් ලබා ගත්තේ පන්දු 45ක් පමණක් වැය කරමින්.

ඔහුගේ ඉනිම අවසන් වුණේ අසිත ප්‍රනාන්දු යැවූ පන්දුවක් හමුවේ වනිදු හසරංග වෙත උඩ පන්දුවක් ලබා දෙමින්.

skajsa

ඉන් අනතුරුව ගුර්බාස්ට සහයක් වෙමින් කඩුල්ලේ රැඳී සිටි, ඊබ්‍රහීම් සද්‍රාන් දැවී ගියේ පන්දු 38ක දී ලකුණු 40ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංඛගේ පන්දුවක් හමුවේ අසිත ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

පසුව පිටියට පැමිණි ඇෆ්ගන් පිතිකරුවන්ට එතරම් සාර්ථක වන්නට ශ්‍රී ලංකා පන්දු බල ඇණිය ඉඩ තැබුවේ නැහැ.

ඒ අනුව ඇෆ්ගන් නායකයා එක් ලකුණක් ලබා සිටිය දී දවා ගන්න මහීෂ් තීක්ෂණ සමත් වුණේ, ඔහු යැවූ පන්දුවට ඔහු ම උඩ පන්දුවක් ලබා ගනිමින්.

අනතුරුව නජිබුල්ලා සද්‍රාන් දුවද්දී දැවී ගියේ ලකුණු 17ක් ලබා සිටිය දී යි.

නමුත් අවසන් පන්දුව වන තුරු ම ලකුණු පිපාසාවෙන් පෙළුණු ඇෆ්ගනිස්ථානුවන්, අවසන් පන්දුවාර පහේ දී එතරම් ලකුණු වේගයක් ලබා ගැනීමේ දී වූ මදි පාඩුව මගහරවා ගන්නට උත්සහ කළා.

එහි ප්‍රතිපලයක් ලෙස අවසන් පන්දුවේ දී රෂීඩ් කාන් දුවද්දී දැවී ගියා.

mah

කෙසේ නමුත් ඇෆ්ගන් ඉනිම නිමා වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගය ජග ගැනීමට නම් පන්දුවාරයක දී ලබා ගත යුතු දළ ලකුණු වේගය ලකුණු ලෙස 8.75ක ඉහළ අගයක් රඳවමින්.

එම ඉලක්කය හඹා යෑමේ අදිටනින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

එම සබඳතාව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 62ක් ව තිබිය දී බිඳ වැටුණේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමත් සමගයි.

ඔහු දැවී යන විට පන්දු 19ක දී වේගවත් ලකුණු 36ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින්.

ඉන් අනතුරුව පිටියට පිවිසියේ ශ්‍රී ලංකා උප නායක චරිත් අසලංකයි.

නමුත් ඔහු හා එක්ව පැතුම්ට දිගු ඉනිමක් ගොඩ නැගීමට නො හැකි වූයේ අවාසනාවන්ත ලෙස කඩුලු රකින්නා විසින් ලබා ගත් උඩ පන්දුවෙන් දැවීයාමෙන්.

ඔහු දැවී යන විට ලකුණු ලකුණු 35ක් ලබා සිටියේ හයේ පහර 1ක් සහ හතරේ පහර 3ක් සමගින්.

පැතුම්ගේ දැවී යාමෙන් අනතුරුව පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලකයි.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාට ද ශ්‍රී ලංකා ඉනිම වෙත සාර්ථක සබඳතාවක් ගොඩ නැගීමට හැකියාවක් නො ලැබුණේ අසලංක නැවත වතාවක් අසාර්ථකත්වයට පත් කරමින්.  ඔහු ලකුණු 8කට දැවී ගියා.

03233157002c214

පසුව පිටියට පිවිසියේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකයි. ඔහුටත් වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැහැ.

නජිබුල්ලා සද්‍රාන් රැකගත් සුපිරි උඩ පන්දුවක් හමුවේ දසුන් ශානක අවාසනාවන්ත ලෙස දැවී ගියා. අනතුරුව පිටියට පිවිසියේ භානුක රාජපක්ෂයි.

ධනුෂ්ක ගුණතිලක හා එක් වූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ඉනිමට අස්වැසිල්ලක් ගෙන දෙන දෙන්නට සමත් වුණේ පිටිය සිසාරා වර්ණවත් ප්‍රහාරාවලියක් එල්ල කරමින්.

නමුත් එම සබඳතාව බිඳ වැටුණේ ධනුෂ්ක ගේ කඩුල්ල රෂීඩ් ඛාන් විසින් ඩැහැ ගැනීමෙන් අනතුරුවයි.

ඔහුගේ ප්‍රහාරාත්මක ඉනිම ලකුණු 33කට සීමා වූයේ පන්දු 20ක් හමුවේ හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ද එල්ල කොට සිටිය දී යි.

අනතුරුව හයවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසියේ වනිදු හසරංගයි.

ඔහු ද අකාරුණික ලෙස ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට පහර එල්ල කළේ, ශ්‍රී ලංකාව ජය මාවතට තල්ලු කරමින්.

මේ අතරවාරයේ පන්දු 10ක් හමුවේ ලකුණු 02ක් ලබා ගැනීමට සිටිය දී වේගවත් ඉනිමක් දියත් කළ භානුක රාජපක්ෂ පන්දු 14ක දී හයේ පහර 1ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 31 ලබා සිටිය දී දැවී ගියා.

කෙසේ නමුත් අවසන් පන්දු වාරයේ පන්දු 5ක් ඉතිරිව තිබිය දී ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 4ක් අතැතිව ජයග්‍රහණය ලබා ගත්තේ, සුපිරි හතර දෙනාගේ තරග වටයේ පළමු ජයග්‍රහණය අත් කර දෙමින්.

MELBOURNE, AUSTRALIA - FEBRUARY 20: Dasun Shanaka of Sri Lanka speaks during game five of the T20 International Series between Australia and Sri Lanka at Melbourne Cricket Ground on February 20, 2022 in Melbourne, Australia. (Photo by Daniel Pockett - CA/Cricket Australia via Getty Images)

මෙම තරග ජයත් සමග ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉතිහාස ගත වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම විස්සයි විස්ස තරග ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ නායකයා වශයෙන්. වත්මන් 20යි 20 නායක දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 14ක්.


මීට පෙර කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 20 යි 20 තරග 13ක් සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග 13ක් ජයගෙන තිබෙනවා.

මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 12ක්.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තරග 7ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 06ක්.

මේ අතර ඩුබායි හිදී පැවති 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමේ වාර්තාවට ශ්‍රී ලංකාව හිමිකම් කියන අතර ඒ පසුගියදා බංග්ලාදේශය සමග පැවති තරගයයි.

එම තරගයේදී ශ්‍රී ලංකාව හඹාගිය ලකුණු සංඛ්‍යාව 184ක්.

එමෙන්ම සාජා ක්‍රීඩාංගණයේදී ද එම වාර්තාවට අද ශ්‍රී ලංකාව හිමිකම් කියන්නේ ලකුණු 176ක් හඹා ගොස් එය ජයග්‍රහණය කරමින්.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ඉන්දියාව සමග ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.



(hirunews.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

නවතම පුවත්