ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව තනතුරුවලට පත්කරන පුද්ගලයන් අතරින් තමන් විසින් නම් කරනු ලැබ තිබෙන්නේ "එකම එක තනතුරක්" පමණක් බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතිය හා සාමය රැකීමේ වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට පැවරීම තමන් මෙතෙක් පවරා දී ඇති එකම වගකීම බව ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දඹුල්ලේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අවධාරණය කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම ප්‍රකාශය කළේ ඔහු ජනාධිපති පදවියට පත්වීමෙන් පසුවත් අගමැති ධූරයේ කටයුතු කරන්නේ තමන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ අරලිය ගහ මන්දිරයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කිරීමෙන් අනතුරුවය.

තමන් ජනාධිපතිධූරයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්කරන්නේ ද, නැද්ද යන ප්‍රශ්නයට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තවමත් නිසි පිළිතුරක් ලබාදී නොමැති අතර ඔහු මේ පිළිබඳව විමසූ test 56මාධ්‍යවේදීන්ට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේ මෙම මැතිවරණය ජනාධිපතිවරයා පත්කිරීමේ ජන්ද විමසීමක් මිස අගමැතිවරයෙක් පත්කරගැනීමේ ජන්දයක් නොවන බවය.

තිස්ස අත්තනායක කියපු කතාව !

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට සහය දක්වන දේශපාලකයන් කිහිපදෙනෙකුම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ නව අගමැතිවරයෙකු පත්කරන බවට හැඟෙන ප්‍රකාශ සිදුකර තිබුණි.

 

tissa 595

තිස්ස අත්තනායක

හරි ටිවී ආයතනය සමග මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සජිත් ප්‍රේමදාස පිහිටුවන නව ආණ්ඩුවේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ද යන ප්‍රශ්නයට මෙවන් පිළිතුරක් ලබා දුන්නේය.

 

imithiyas

ඉම්තියාස් බාකීර් මාකාර්

උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාසට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ විට අගමැති පදවිය උඩරටට ලබාදීම අවශ්‍ය යයි පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පසුගිය (27) වැනිදා මහනුවරදී පැවැත්වුණු ජනරැළියක් අමතමින් සඳහන් කර තිබේ.

පසුගිය (27) වැනිදා මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසුවේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉන් බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇති පුද්ගලයා අගමැති ලෙස පත්කරන බවය.

 

images 14

ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ

 තමන් බලයට පත්වුවහොත් අගමැතිධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිධුරයට පත්වූ වහාම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කරනවා දැයි ගෝඨාභය රාජපක්ෂගෙන් ඔහු සහභාගි වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළත් එයට ඔහුගෙන් පිළිතුරු නොලැබුණි. 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයෙකුට අගමැතිවරයා ඉවත්කළ නොහැකි බව නීතිවේදීන්ගේ මතය වී තිබෙ.

කෙසේ නමුත් එම මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු ලබා නොදුන් ප්‍රශ්නයට පිළිතුරක් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ද යළි දිවුරුම් දිය යුතු බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු බල තුලනයේද වෙනසක් ඇතිකර මහින්ද රාජපක්ෂ අගමැති ධුරය සඳහා පත්කරන බවයි.

  2/3ක මන්ත්‍රීවරුන්ගේ සහය !

 නව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරලීමේ බලය හිමිවන්නේ 2020 වසරේ පෙබරවාරි මාසයේදී වන අතර එතෙක් ඔහුට හෝ ඇයට වත්මන් පාර්ලිමේන්තුව සමග කටයුතු කිරීමට සිදු වේ.  

ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍යනම් නව ජනාධිපතිවරයාට ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරුන්ගේ සහය අවශ්‍ය වේ.

 අගමැතිවරයා ස්වේච්ඡාවෙන් ඉවත් නොවුනොත් !

sri lanka 50234811 

නීතිවේදී ආචාර්ය අසංග වැළිකල පවසන්නේ අගමැතිවරයා ඉවත්කිරීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවය. අගමැතිවරයා ස්වේච්ඡාවෙන් ඉවත් නොවන්නේ නම් ඔහු/ඇය ඉවත්කිරීම සඳහා විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු පෙන්වා දී තිබිණ.  

sri lanka 50234811 1

නව ජනාධිපතිවරයෙකු තේරී පත්වීම මගින් අගමැති පදවියේ වෙනසක් සිදු නොවන බව ආචාර්ය අසංග වැළිකල ඇතුළු දේශපාලන විශ්ලේෂකයින් උපුටා දක්වමින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතුවරිය, දරීෂා බැස්ටියන්ස් ද සඳහන් කර තිබිණ.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්