(FactCheck විසින් සිදුකර ඇති අනාවරණයකි)



RW 302

වත්මන් ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ අග්‍රමාත්‍ය ධුරයේ සිටියදී ය.

මෙම ප්‍රකාශයේ ඇතුළත් කරුණෙහි සත්‍යාසත්‍යභාවය විමසීම සඳහා FactCheck.lk විසින් 2007 සිට 2021 දක්වා කාලය තුළ පළ කරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාර්ෂික වාර්තා පරිශීලනය කරන ලදි. එම එක් එක් වාර්ෂික වාර්තාව මගින් අප්‍රේල් සිට මාර්තු දක්වා ක්‍රියාත්මක වූ මූල්‍ය වර්ෂයන් සඳහා වන ලාභ සහ අලාභ ඉදිරිපත් කර ඇත.

2020/21 මූල්‍ය වර්ෂය සඳහා (2020 අප්‍රේල් සිට 2021 මාර්තු දක්වා) වන වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි එකී මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය හට අත් වූ අලාභය රු. බිලියන 45.39 ක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ සමුච්චිත අලාභය රු. බිලියන 371.73 ක් විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සපයන ලද මෙම සංඛ්‍යා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා සමපාත වේ (ප්‍රදර්ශිතය 1 බලන්න).

එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිවැරදි යැයි වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.


ප්‍රදර්ශිතය 1: 2008 – 2021 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අත් වූ අලාභය (රු. මිලියන)

 

kjsla

මූලාශ්‍රය: ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාර්ෂික වාර්තා

 

* සිදු කරන ලද ප්‍රධාන අළුත්වැඩියා කටයුතු සහ ගුවන් යානා වැඩිදියුණු කිරීම් ඇතුළත් කිරීම සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම හේතුවෙන් 2012 සඳහා වූ සමුච්චිත අලාභය 22,789.94 සිට ද 2013 සඳහා වූ සමුච්චිත අලාභය 44,606.16 සිට ද 2014 වර්ෂයේදී  වෙනස් කරන ලදි.

** කල්බදු සඳහා වූ ගිණුම්කරණ ප්‍රමිතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමත් සමඟ 2020 දී 230,590.07 ක අගයේ සිට වෙනස් කරන ලදි.

*** “වෙනත් විස්තීර්ණ ආදායම්/(අලාභ)” සඳහා අත් කරගත නොහැකි ලාභ සහ අලාභ ද ඇතුළත් වී තිබේ.


Additional Note:


# 2007/08 මූල්‍ය වර්ෂයෙන් පසු මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබා නොමැත.

# 2021 මාර්තු 31 වන විට, ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු මුළු වගකීම් රු. බිලියන 443.65 ක් වූ අතර එය සතු මුළු වත්කම් රු. බිලියන 154.38 ක් විය.

# 2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට රු. බිලියන 248 ක අලාභයක් අත් වූ බව මුදල් අමාත්‍යාංශය විසින් පළ කරන ලද 2022 සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් වේ.

# 2022 මාර්තු මාසයේදී අත් වූ රු. බිලියන 145 ක විනිමය අලාභය ද මීට ඇතුළත් වේ.

මූලාශ්‍රය

 1- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තා

2- මුදල් අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව – 2022


FactCheck.lk ? 


මෙම අනාවරණය සිදුකර ඇති  FactCheck.lk අන්තර්ජාතික IFCN පිළිගැනීම ලැබූ පළමු ශ්‍රී ලාංකික කරුණු පිරික්සීමේ වේදිකාව බවට පත්ව ඇත.
 
ශ්‍රී ලංකාවේ කරුණු පිරික්සීමේ වේදිකා අතර ප්‍රමුඛයා වන FactCheck.lk, ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ ජාලය (International Fact Checking Network - IFCN) පනවා ඇති මූලධර්ම සංග්‍රහයට අනුගත වෙමින්, ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් කරුණු පරීක්ෂා කිරීමේ පිළිවෙත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පිළිගැනීමක් ලබා ඇති කීර්තිමත්, ගෝලීය කරුණු පිරික්සුම් සංවිධාන සහ වේදිකා අතරට එක්වීමට සමත්ව තිබේ.


සබැඳි පුවත් :
වෙරිටේ රිසර්ච් FactCheck වෙත අන්තර්ජාතික පිළිගැනීමක්

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්