පශ්චාත් කෝවිඩ් සමයේ අ.පො.ස. (උ.පෙ.) විභාගයෙන් ඉහළම ප්‍රගතිය ලබා ඇත්තේ ඌව පළාත යි.



අ.පො.ස. (සා.පෙ.) විභාගයෙන් ඉහළම ජයග්‍රහණ වාර්තා කරන දකුණු පළාත 2020 උ.පෙ. ප්‍රතිඑල අනුව සිව්වන ස්ථානයේ පසු වූ නමුත්, මෙවර අට වන ස්ථානය ට පසු බැස ඇත.

රටේ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන ලෙස සැලකෙන මධ්‍යම, බස්නාහිර සහ දකුණ වෙනුවට ඌව, නැගෙනහිර, වයඹ හා උතුර 2021 ප්‍රතිඑල අනුව ඉදිරියට පැමිණ තිබේ.


ඌව උඩටම


මෙවර උ.පෙ. විභාගයට ඌවේ දරුවන් 18,213 දෙනෙකු පෙනී සිටි අතර එයින් 11,862 ක් (65%) ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. සිසුන් 577 ක් ඒ සාමාර්ථ 3 ක් ලබා ඇත. ඌවේ සියළුම විශයන්ගෙන් අසමත් සිසුන් 1,549 (8.5%) කි.

නැගෙනහිර පලාතේ සිසුන් 21,466 ක් අතුරෙන් 13,742 ක් (64%) ක් විශ්වවිද්‍යාල ප්‍ර වේශයට සුසුසුකම් සපුරා ඇත.

මුළු දිවයිනේම ඒ සමාර්ථ 3 ලැබූ සිසුන් 10,000 කි. එයින් 3286 ක් බස්නාහිර පළාතෙනි. දකුණේ 1574 ක් ද, වයඹ සිසුන් 1,118 ක් ද, මධ්‍යම 1022 ක් ද වෙති.
 
 
උසස් පෙළින් සියළු විෂයන් අසමත් සංඛ්‍යාව 27,352 (10.03%) කි.  විභාගයට පෙනී සිටින සෑම සිසුන් 10 න් 1 ක් විභාගයේ සියළු විෂයන් ගෙන් අසමත් ය. මෙවර විභාගයට පෙනී සිටි සිසුන් 272,682 න් සිසුන් 171,497 ක් (62.89%) මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේෂයට සුසුසුකම් ලබා ඇත.
 
 
පාසල් අයඳුම්කරුවන් පමණක් සැලකීමේ දී විශ්වවිද්‍යාල ප්‍රවේෂයෙන් ඉහළම සාර්ථකත්වය ලැබී ඇත්තේ නැගෙනහිර පළාතෙනි. ඌව පළාත දෙවන ස්ථානයට පත්ව ඇත. උතුර, වයඹ, මධ්‍යම, බස්නාහිර,  සබරගමුව, දකුණ, ලෙස පිළිවෙලින් පැමිණ උතුරු මැද පළාත අවසන් ස්ථානයට පත්ව ඇත. උතුරු මැද


11.33% ක් දරුවන් විෂයන් සියල්ලගෙන්ම අසමත්වී ඇත.


මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් බහුතරයකට කොරොනා හේතුවෙන් සිය අධ්‍යාපනය කටයුතු සිදු කිරීමට ලැබුණේ අතිශයින් දුෂ්කර අන්දමිනි. නාගරික පාසල් වසා දමා තිබූ අතර, ටියුෂන් පන්ති පැවැත්වීම ද සීමා විය.

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය සිදු කිරිමට පහසුමක් අහිමි වූ අති විශාල පිරිසකට මෙවර විභාගයේ දී දැඩි අසාධාරණයකට ලක්වීමට සිදුව ඇති බව අප අමතක නොකළ යුතුය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුසුකම් නොලබන 33% ක පිරිස ද, සියළු විෂයන්ගෙන් අසමත් දරුවන්ට සිය අනාගතය සාර්ථක කර ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් වී නැත.

ඉන්ධන හිඟය, උද්ධමනය, පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් නව ව්‍යාපාර අවස්ථා පමණක් නොව, මුදල් සංසරණය ද සීමා වී ඇත. පාසල්වලින් ඉවත්වන දරුවන්ට රැකියා ලබා ගැනීමට ඇති අවස්ථාව ඒ අනුව අතිශයින්ම සීමා වන්නේය.

උතුරු මැද, දකුණ, සබරගමුව සහ උතුරු පළාත් හි අධ්‍යාපන විෂමතාව අනෙකුත් පළාත් හා සැසදීමේ දී වේගයෙන් පුළුල්වන බව පසුගිය වසර 3 හි ප්‍රතිඑල අනුව පෙනී යයි.

සමස්ථ ප්‍රතිඑල අනුව 2020 තුන්වන ස්ථානයේ වූ ඌව මෙවර පළමු ස්ථානයට පත්වීමත්, ඌව පළාතේ හොඳම ප්‍රතිඑල පළමුවරට පස්සර කලාපයෙන් වාර්තාවීමත් සුවිශේෂ ය.

රජිත් කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් තනතුරකට පත් කෙරේ | LIVE at  8 News(රජිත් කීර්ති තෙන්නකෝන්)
දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්