1200 x 80 DMirror

UPDATE : පවුලත් සමඟ විරෝධයට සහභාගී වූ ධනුෂ්ක රිමාන්ඩ්


පසුගියදා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට පවුලේ සියලු දෙනා සමඟ සක්‍රීයව සහභාගී වූ නිට්ටඹුව පදිංචි කංකානම්ගේ ධනුෂ්ක ලක්මාල් (35) රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

බෙම්මුල්ල පොලිසිය විසින් සෙනසුරාදා (3)  අත්අඩංගුවට ගත් ඔහුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර සඳුදා (5) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීමෙන් පසු මහර රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.

dhnaa

...........................................

පසුගියදා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට පවුලේ සියලු දෙනා සමඟ සක්‍රීයව සහභාගී වූ නිට්ටඹුව පදිංචි කංකානම්ගේ ධනුෂ්ක ලක්මාල් (35) බෙම්මුල්ල පොලිසිය විසින් සෙනසුරාදා (3)  අත්අඩංගුවට ගෙන ඇත.

අද පස්වරුවේ ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

dhanushka 1
dhanushak 2
''මේ දරුවන්ගේ ලෝකය රකිමු'' - Hiniduma Sunil Senevi ගේ

 

hinduma

(මැයි 09 සිදුවීමකට චෝදනා නගා සිර කළ සොයුරකුට පුතු හමුවූ මොහොත)

 

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම සුනිල් සෙනවි සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.


"ඉදින් ඔහු හෙට මිය ගියත් එසේ වන්නේ ද, අනෙක් කවර හෝ එඩේරෙකුට වඩා බොහෝ දෑ දැක බලා ගත් මිනිසෙකු පරිද්දෙනි . එහෙත් , ඔහු ඒ ගැන ආඩම්බර වූයේ ය."

සන්තියාගෝ නම් සැරිසරන්නා 127 පිටුව.

මේ දරුවන්ගේ ලෝකය රකිමු.


Wimal Ketipearachchi සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

මාව විතරක් රජ කරන්නට ඕනවුන්නෑ ඔයාට..
ඒක හින්දයි අම්ම එක්කම ඔයා ගියෙ අරගලේට..
චෝදනා බොරු ගොඩක් ගොනුකර දාල තිබ්බට හිරේට..
තාත්තේ, කූඩුවේ හිටියත් නිමක් නෑ ආදරේට..!

(මැයි 09 සිදුවීමකට චෝදනා නගා සිර කළ සොයුරකුට පුතු හමුවූ මොහොත)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය