පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකතුවෙන් පිහිටවූ නව සන්ධානය අද (04) පස්වරුවේ ජනගත කෙරුණි.



ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ සභාපතිත්වයෙනි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද සහභාගී වී සිටියේය.

“උත්තර ලංකා සභාගය” ලෙස නම් කර ඇති මෙම නව සන්ධානයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පත් පත්කෙරිණි.

උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය, මහාචාර්ය තිස්ස විතාරණ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන දේශපාලනඥයින් ප්‍රකාශයට පත්කෙරිණි.

එසේම උත්තර ලංකා සභාගයේ අනුශාසක ධුරයට විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පත්ව සිටිති.

ඊට අමතරව ස්වාධීන පක්ෂ එකමුතුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි විධායක සභිකවරු ද පත්ව සිටින අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඒ අතර වෙති.

මංගල මහා සමුළුවට පැමිණි පිරිස පිළිගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ විසින් සිදුකරන ලද අතර ඉන්පසුව සභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විසින් අත්සන් තැබීය.

මෙම සමුළුව ජනගතව්ද්දී වේදිකාවේ වාදනය වූ ගීතය හා තරුණියන්ගේ නර්තනය මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙමින් තිබේ. 

 
මෙම නව සභාගයට ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය සහ විජය ධරණී ජාතික සභාව ඇතුළු පක්ෂ එක්ව ඇත.

“උත්තර ලංකා සභාගයේ” සමාරම්භක උත්සවයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස අදහස් පළ කළහ.



මේ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ පැවසිය.


 


මේ, උත්තර ලංකා සභාගයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අදහස් පළ කළ එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මෙසේ සඳහන් කළේය.
 

 

 
උත්තර ලංකා සභාගය පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මෙලෙස අදහස් පළ කළේය. 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්