theleaderlk 01

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අභිනවයෙන් එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව අමෙරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත්ව

තිබේ.

මෙරට  නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සිදුකළ නවීකරණ කටයුතුවලින් පසුව පසුගිය 03 වන කොළඹ බලා ගමන් ඇරඹූ නෞකාව මාස දෙකකට ආසන්න දීර්ඝ මුහුදු ගමනකින් පසු 2022 නොවැම්බර් මස පළමු සතිය තුළ දී කොළඹ වරායට සේන්දුවීමට නියමිත ය.

නාවික හමුදාව නිවේදනය කළේ, අ‌මෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පසුගිය 2021 ඔක්තෝබර් මාසයේදී  මෙම ගැඹුරු මුහුදු ආවේක්ෂණ  නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් භාර දුන් බවයි.

 

අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ අමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ඩග්ලස් මුන්රෝ’ නෞකාව (EX USCGC Douglas Munro) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2021 ඔක්තෝබර් මස 26 වන දින නිල වශයෙන් භාර දීමෙන් පසු, පී 627 දරණ පෙනන්ට් අංකය (Pennant Number) යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්විය.

 

නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු නිල නාමයක් යටතේ අධිකාරියට පත්කිරීමට නියමිතව ඇත.

 ‘Hamilton Class High Endurance Cutter’ යන නෞකා පන්තියට අයත් දෙවන නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ මෙම නෞකාව දිගින් මිටර 115ක්, උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක් ද එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 14000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවෙන් සහ 187ක පමණ නැව් මුළුවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීණ  තාක්‍ෂණික උපාංග හා පහසුකම්වලින් සමන්විත බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.


(newsfirst.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

නවතම පුවත්