1200 x 80 DMirror

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස තමාට කිසිදු පාර්ශවයක් ඉල්ලීම් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පවසන්නීය.



එමෙන්ම මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තමන්ට පෞද්ගලිකව අවශ්‍යතාවක් නොමැති බවද ඇය සඳහන් කළාය.

සීතා අරඹේපොළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට පැතිර යන වාර්තා පිළිබඳව "අද දෙරණ" කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.

මන්ත්‍රීවරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා දෙන බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුන ද හිස් වු මන්ත්‍රී ධුරය සඳහා පත්කරනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බවය.

ඒ සඳහා තමාට බලපෑම් කිරීමට ද කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සීතා අරඹේපොළ පැවසුවාය.


(adaderana.lk)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය