අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික සටන් පාඨවලට යට නොවී

ඒ මැදින් පාර්ලිමේන්තුවේ ස්වාධීන බලවේග එක් කොට අලුත් මාවතක් නිර්මාණය කරගැනීම මේ මොහොතේ අවශ්‍යතාව බවට පත්ව තිබෙන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ නායකත්වයෙන් ‘නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයෙක් වශයෙන් රැස්ව සිටි සභාව අමතමිනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙම උත්සවයේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිව සිටියාය.  


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.


''ඇත්ත කතාව තමයි ඇත්ත නොකියපු එක''

“අප්‍රේල් 12 වෙනිදා සිට මේ රට බංකොලොත්, සමහරු කියනවා මේ බංකොලොත් බව ප්‍රකාශ කරපු එක තමයි ප්‍රශ්නය කියලා. එහෙම නොවුනා නම්, රට ගලවාගෙන ඉදිරියට යන්න ඉඩ තිබුණාය කියලා ඔය බැසිල් ඇතැම් අය කියවනවා.

ඇත්ත කතාව මොකක්ද? ඇත්ත කතාව තමයි ඇත්ත නොකියපු එක.

ඇත්ත නොකියවා අපට ඇති තරම් ඩොලර් තියෙනවා. අපට ඇති තරම් රුපියල් තියෙනවා. පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරනවා. අධිවේගී පාරවල් තව කි.මි. 350 ක් හදනවා. එක ගමකට එක වැඩක් හැටියට ගම් 14,000 ක වැඩ කරනවා. එක ප්‍රාදේශීය කොට්ඨාසෙකට ගෙවල් සීය බැගින් තට්ටු නිවාස හදනවා වගේ අපි ඇහුවේ ඒ වගේ කතා ගොඩාක්.”



නමුත් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බිමට සමතලා වී අවසානය. ලක්ෂ 6 කට රැකියා අහිමි වී අවසානය. කොළඹ නගරයේ තමන් විසින් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති වැනි දැවැන්ත වැඩසටහන් සියල්ල ද නතර වී අවසාන බව චම්පික අවධාරණය කළේය.




''අද මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් බැරි තත්වයක් උදාවෙලා''

“එදා අපි හැදුවා මාලඹේ, කඩුවෙල ඉඳන් මේ පාර දිගේ කොළඹට යන්න ඒ සැහැල්ලු දුම්රිය පද්ධතිය. මේ අල්ලපු ඉඩමේ රටේ විශාලතම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හදන්න. දුම්රිය ප්‍රවාහන සේවා කඩවත, රාගම හරහා එන්න, පිළියන්දල ඉඳන් එන්න ජපන් ආධාර අතර යටතේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දශම එකේ පොලියට අපි ඒ වැඩපිළිවෙලවල් දියත් කළා. ඒ සියල්ල අද බිමට සමතල වෙලා ගිහිල්ලා, අද මිනිස්සුන්ට එදිනෙදා ජීවත් වෙන්නවත් බැරි තත්වයක් උදාවෙලා තියෙනවා”

මුදල් ඇමැති ලෙස එදා අලි සබ්‍රි කීවේ කුමක්ද? භාණ්ඩාගාරයේ තිබෙන මුදලට වඩා තමන් සතුව මුදල් තිබෙන බව දැනගත්තේ තමන් භාණ්ඩාගාරයට ගියවිට බවය.

“බංකොලොත් නොකියා වෙන මොනවා කියන්නද මහ බැංකු අධිපති? ඒ නිසා බංකොලොත්භාවයේ පියවරු තමයි රාජපක්ෂවරු. මේක මම 2013 කිව්වම මාව ඇමතිකමෙන් අයින් කරා. අපි නමුත් විශාල සටනක් චන්ද්‍රිකා මැතිනිය අපි එකතුවෙලා එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව බලයට ගේන්න මේ රටේ ජනතාවගෙන් වරමක් ඉල්ලුවා. ඒ ජනතාව ඒ වරම දුන්නා. රට අපි බලාපොරොත්තු  වූ මාවතේ නොගියත් එකක් කියන්න ඕනේ රට බංකොලොත් වෙන්න නම් ඉඩ දුන්නේ නෑ.



අද කතා කරනවා යහපාලන කාලේ ගත්ත ඩොලර් බිලියන 12 ක් ගැන. ඒ ඩොලර් බිලියන 12 න් හතහමාරක්ම ඉතුරු කරලා ආවේ. ඒ හතහමාරෙන් පහමාරක්ම වැය කළේ කබ්රාල් රුපියල 203 තියාගන්න ඩොලර් එක. මේ අය අධිකරණය ඉදිරියට ගෙන එන්න ඕනේ.

 

මේ අරගල කළාය කියලා තැනින් තැන පෙළපාලිවල ගියාය කියලා ජනාධිපති මන්දිරයට ගියා කියලා මිනිස්සු නෙවෙයි අත්අඩංගුවට ගන්න ඕනේ. මේ රට බංකොලොත් කරලා පනස් පන් ලක්ෂයක් මේ රටේ පවුල් මහපාරට ඇදලා දාපු දේශපාලකයොයි, නිලධාරී, අමාත්‍යාංශ නිලධාරීයි, අත්අඩංගුවට ගන්න ඕනේ.

අද මේ ක්‍රමය බිඳ වැටිලා, එදා ජූලි 9 වෙනිදා, තෙල් නැතිව දහස් ගණන් මිනිස්සු පයින්, වාහන වල වහලවල් උඩ නැගලා දරුවෝ කරපින්නගෙන ඇවිත් නියම ජනතා අරගලයක් මේ රටේ එදා දියත් වුණා.

15,000 – 20,000 ක් එයි වෙඩි තියන්න ඕන කියන නියෝග දීලා තිබුණා. මම එතන්ට ගියාම හමුදා නිලධාරියෙක් කිව්වා සර් අද අපිට වෙඩි තියන්න නියෝග දීලා තියෙනවා. ගෙදර යන්න කියලා. මං කිව්වා ජනතාවට වෙඩි තියන්න නම් යන්නේ අපි අනිවාර්යෙන්ම ඉන්න ඕනේ කියලා. අන්තිමට ඔහු මට කිව්වා කනට කරලා; වෙඩි තියන්න නෙමෙයි මේ අපේ සෙබළුන්ටත් ප්‍රශ්න, කන්න නෑ තෙල් නෑ ගෑස් නෑ මේ කට්ටිය අපට වෙඩි තියයිද දන්නෙ නෑ අද කියලා. ඒ වගේ තත්ත්වයක් තිබුණේ.

මහා ජන අරගලයකින් රාජපක්ෂවරු ගෙදර ඇරියේ. හැබැයි දැන් හදනවා අර ගැසට් රිවර්ස් කළා වගේ ඒ ජන අරගලය රිවස් කරන්න. නැවත ටික ටික ටික ඉස්සරහට එන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි මේ රටේ අන්තවාද වලින් තොරව ඉදිරියට යන්න මධ්‍යස්ථ පිළිවෙතක් අවශ්‍යයි.

xfgdfg7777එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක


එදා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහත්තයා 1951 දි  නව දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවන අවස්ථාවේදී රටේ එක පැත්තකින් වංශාධිපතියන් ඒ වගේම යම් ආකාරයක රටේ ප්‍රභූ පන්තිය එකතු වෙච්ච එක්සත් ජාතික පක්ෂය තිබුණා. ඒගොල්ලෝ වැදගත් පිරිසක්. වැදගත් දේශපාලනයක නියැලුණු කණ්ඩායමක්.

අනිත් පැත්තෙන් රටේ වමේ ව්‍යාපාර තිබුණා ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදී. ඒ අයත් උගත් වැදගත් දේශපාලනයක් කරපු වැදගත්, උගත් කණ්ඩායමක්.



නමුත්, මේ අන්ත දෙකට මැදින් නව බලවේගයක් එදා බණ්ඩාරනායක මහත්මයා කරළියට ගෙනාවා. ගෙනල්ලා කෙටි කාලයක් ඇතුළත මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බලය ඉදිරියට ගෙනල්ලා, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියලා රටේ රාජ්‍ය බලය අල්ලා ගත්තා. අල්ලාගෙන සැලකිය යුතු කාර්යයක් මේ රටේ දේශපාලනයේ විශාල පරිවර්තනයක්, සමාජ සුබසාධනය සහ අනිත් පැතිවල ගෙනාවා.



නොයෙක් විවේචන තියෙන්න පුළුවන්. නමුත් දේශීය ගොඩනගන්න කටයුතු සම්පාදනය කළා. ඉතින් ඒක නිසා අදත් අපට පේනවා අන්ත වාමාංශික සටන් පාඨ ඇහෙනවා. ඒ වගේම අන්ත දක්ෂිණාංශික සටන් පාඨ ඇහෙනවා. ඒ මැදින් අපි බලන්න ඕනේ අද පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාධීන බලවේග සියලු දෙනාම එකතු කරලා අලුත් මාවතක් ගොඩනගන්න. ඊට  ‘නව ලංකා නිදහස් පක්ෂයට’ හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.”

මේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්