ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී පාර්ලිමේන්තුවේ විශාලතම දෙමළ පක්ෂය වන දෙමළ ජාතික සංධානය විසින් ආණ්ඩුව දැඩි විවේචනයකට

ලක් කරමින් දෙමළ භාෂාව ඝාතනය කරන බවට චෝදනා කරන ලදී.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ 'සම්භාව්‍ය' දෙමළ භාෂාව ඝාතනය කිරීම දැඩි ලෙස හෙලා දුටුවේය.
"මෙතෙක් කල් පත් වූ ආණ්ඩු විසින් අපේ මිනිස්සු මැරුවා මදිවට තව අපේ භාෂාවත් මරා දමන්න හදනවා"

මෙරට ජනාධිපතිවරයා මෙන්ම මුදල් ඇමැතිද වන රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් කතාවේ පිටපතද පෙන්නමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ අඩුමතරමේ ඔහුගේ අයවැය කථාව ඇතුලත් පොතෙහි මාතෘකාවවත් දෙමළ භාෂාවෙන් සදහන් කර නැති බවයි.  

තවද මේ පිලිබඳ විවේචනය කරමින් විනෝ නෝහරාදලිංගම් කියා සිටියේ වාර්ෂික වාර්තා, සංවර්ධන වාර්තා සහ අනෙකුත් ඉතා වැදගත් ලියකියවිලි දෙමළ භාෂාවෙන් පරිවර්තනය වීමක් දක්නට නොලැබෙන බවයි.

" අපේ භාෂාව කියන්නේ අපිට අපේ ජීවිතය වගේ, ඒක නිසා අපේ භාෂාව මේ ආකාරයට මරා දමනකොට අපිට හරිම වේදනාකාරී"

 

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තවදුරටත් කියාසිටියේ ඔවුන් හට ඉඳහිට ලැබෙන දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද පිටපත්වල පරිවර්තන ඉතා දුර්වල බවත් එතුල භයානක අක්ෂර වින්‍යාස දෝෂ  දක්නට ලැබෙන බවයි.

 

" අපිට ඒ වාර්තා දෙමළ භාෂාවෙන් ලබා නොදෙනකොට එම වාර්තා අපිට  කියවන්න අපහසු වුණාම පාර්ලිමේන්තුවට පැමිණ එම වාර්තා සඳහා අපි අවශ්‍ය ප්‍රතිචාර දක්ක්වන්නේ කොහොමද?"

මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ කාර්යක්ෂම දෙමළ පරිවර්තකයන් අදාළ දෙපාර්තමේන්තු සදහා ලබාදෙමින් දෙමළ භාෂාව තවදුරට අභාවයට පත්  නොකිරීමට වග බලා ගන්නා ලෙසයි.

" අක්ෂර වින්‍යාස ගැටළු අනවධානය නිසා සිදුවීය හැකි අවස්ථා තිබුනත්, එය දිගින් දිගටම සිදුවීම නොසැලකිලිමත්කමක් පෙන්නුම් කරයි, ඉතින් එම අවස්ථා වලදී අපිට ඒ පිලිබඳ කතා නොකර ඉන්න බෑ. මොකද  එවැනි අවස්ථාවලදී ඒ අකටයුතුකම් විවේචනය කරන්නට අපිට වගකීමක් තියෙන නිසා."

 

දහස් සංඛ්‍යාත දෙමළ ජනයාගේ ඝාතනයට සහ බලහත්කාර අතුරුදහන්කිරීම්වලට ගොදුරු වූ අවුරුදු දහතුනකට පෙර නිම කරන ලද මෙරට දශක ගණනාවක් මුලුල්ලේ පැවති සන්නද්ධ අරගලයටද මග පෑදු ජන වාර්ගික ප්‍රශ්න ඇතිවීමට පාදක වූ ප්‍රධානතම හේතුවක් වන්නේ භාෂාව පදනම් කොටගෙන වෙනස් කොට සැලකීමයි.  

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්