ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම

අතරයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබවුහොත් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.

ඉන්දිය කන්ඩායම මෙම තරඟය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ අද තරඟය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ  (05) සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවති මාධ්‍ය හමුවක දී ඉන්දීය මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු සපයමිනි.

MELBOURNE, AUSTRALIA - FEBRUARY 20: Dasun Shanaka of Sri Lanka speaks during game five of the T20 International Series between Australia and Sri Lanka at Melbourne Cricket Ground on February 20, 2022 in Melbourne, Australia. (Photo by Daniel Pockett - CA/Cricket Australia via Getty Images)

පෙරේදා පාකිස්තානය සමඟ ඉන්දීය කණ්ඩායම තරග වැදුණු ආකාරය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ දසුන් ශානක කියා සිටියේ, ඉන්දීය කණ්ඩායම පීඩනයකින් තොර ව පාකිස්ථාන කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ ආකාරයක් තමන් දුටු බව යි.

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා වන විරාත් කෝලි මේ වන විට ලකුණු අතරට පැමිණ සිටීමත් ඉතා වැදගත් තීරණාත්මක සාධකයක් බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ සියලු කරුණු සලකා බලා හෙට තරගයට සූදානම් වී ඇති බවත් තරග සැලැස්ම තරග දිනය අනුව වෙනස් විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ පිළිබඳ අදහස් දැක්වූ දසුන් ශානක සඳහන් කළේ, පිතිකරුවන් සියල්ල ලකුණු අතරට පැමිණ සිටීම සහ ඔවුන් අතරේ යම් කිසි විශ්වාසයක් ගොඩ ගොඩ නැඟී තිබීම යහපත් කාරණයක් බව යි.

 

අද තරගයේ දී පිතිකරුවන් හට ඉතා වැඩි වගකීම් ප්‍රමාණයක් පැවරෙන බවත් ඔහු අවධාරණය කළා.

 

මේ අතර, දිගින් දිගට ම අසාර්ථක වන චරිත් අසලංක වෙනුවට වෙන ක්‍රීඩකයෙකු ආදේශ කරන්නේ දැ යි යනුවෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියේ, බොහෝ විට හෙට ඒ අවස්ථාව ධනංජය ද සිල්වා හට ලැබීමට ඇති ඉඩකඩ වැඩි බව යි.

කෙසේ වෙතත් මේ දක්වා හෙට තරගය ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරාගෙන නොමැති බවත් තේරිම් කමිටු සාමාජිකයන් හා සාකච්ඡා කර අවසන් තීරණය ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දසුන් ශානක කියා සිටියේ, අද  තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සතු ව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට යි.

එමෙන්ම පිටියෙන් එපිට සිදු කෙරෙන අදහස් දැක්වීම් සහ කතාබහ සම්බන්ධයෙන් තමන් වැඩි උනන්දුවක් නැති බවත් ලොකු කතා සිදු නො කර ක්‍රීඩා පිටියේ උපරිම දේ සිදු කිරීම හරහා ජයග්‍රහණ කණ්ඩායමට ළඟා කරගත හැකි බවත් ඔහු සඳහන් කළා.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්