1200 x 80 DMirror

දකුණේ ඝාතන රැල්ලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ‍විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ගාල්ල මාපලගම සිරි සුනන්ද ජාතික පසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේ ය.



ඉකුත් කාලසීමාවේදී අම්බලන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ වෙඩි තැබීම්වලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් 40 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



තම පොලිස් බල ප්‍රදේශවලින් පාතාලය හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් මැඩලීමට වහාම කටයුතු කරන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බස්නාහිර පළාතේ හා දකුණු පළාතේ අදාල පොලිස් බලධාරීන් කැඳවා පසුගිය 26දා නියෝග කර තිබිණ.

භාරදුන් අභියෝගය භාර ගෙන දකුණේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊයේ අවධාරණය කර සිටියේය.


සබැඳි පුවත් :
පාතාලය සුද්ද කරන්න - ටිරන්ගෙන් නියෝගයක්!



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය