ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට හැකි වුවහොත් සිය පක්ෂ විසුරුවා හැර ප්‍රධාන දේශපාලන පක්ෂවලට එකතුවීමට දෙමළ දේශපාලනඥයන් කැමැත්ත පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රත්මලාන සිල්වාස් උත්සව ශාලාවේ පැවැති විද්වත් හමුවේදී ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ යෝජනා ඉදිරිපත් වුණා. ඒවා ගැන සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් අප බොහෝ සාකච්ඡා කර තිබෙනවා. සන්ධානය විරුද්ධ වුණ නිසා එදා එය කරගන්න බැරි වුණා.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ 125ක් ගැනීමට හැකි වුවහොත් අනෙක් දේශපාලන පක්ෂ සමඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගන්න පුළුවන්. ඒ අනුව අදාළ සංශෝධන කරගන්න පුළුවන්.test 57

දෙමළ පක්ෂ පිළිගන්නේ ඒකීය රාජ්‍යයක් තුළ භෞමික අඛණ්ඩතාව රකිමින් බලය බෙදීමකටයි. ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයා දෙන්න, එවිට තම පක්ෂ අවශ්‍ය නැති බවත් ඒ පක්ෂ විසුරුවා හැර ප්‍රධාන පක්ෂවලට එකතු වෙන බවත් දේශපාලනඥයන් ප්‍රකාශ කළා.

දෙමළ දේශපාලන පක්ෂ විසුරුවා හරිනවා නම් අනෙක් පක්ෂවලටත් ජාතිවාදය ආගම්වාදය ගැන කතා කරන්න, එය කරපින්නා ගෙන යන්න බැරි වෙනවා.

එතැනට එන්න ලෑස්ති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අපිත් එයට කැමැතියි. ද්‍රවිඩ පක්ෂ කියා අවශ්‍ය නැහැ. එදා තිබුණෙත් නැහැ.”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්