දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් ප්‍රමුඛ කාන්තා ක්‍රියාකාරිනියක් වන කන්දයියා කලෛවානි, තුන්වැනි වරටත් කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා

විමර්ශන කොට්ඨාශයට සැප්තැම්බර් 12 වැනිදා කැඳවනු ලැබ තිබේ.

එහෙත්, අදාළ විමර්ශනය කුමක්දැයි යන්න ඇයට අනාවරණය කර නොමැත.

jds cer

ඒ අතර මෑත කාලීන විරෝධතා ව්‍යාපාරයට සක්‍රීයව සම්බන්ධ වූ, මැයි 9 වන දින ආණ්ඩු පාක්ෂික මැර කල්ලියක අමානුෂික පහර කෑමට ලක් වූ වැල්ලවත්තේ පදිංචි ඔශාන්ත ප්‍රසාද් දාබරේ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (07) දින කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

jds aa

අරලිගහ මැදුරට ඇතුළු වූ තව තුනක් අත්අඩංගුවට


මේ අතර විරෝධතා පැවති වකවානුවේ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළවලට හානි කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මොවුන් වටරැක සහ පාදුක්ක යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38 - 44 අතර වයසේ පසුවන්නන් බව ද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


සකුණ ලක්ෂාන්ට ඇප ලැබේ


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව ඊයේ එහි පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් තරුණ ක්‍රියාකාරිකයෙකු වන සකුණ ලක්ෂාන්ට කොටුව මහේස්ත්‍රාත්වරයා ඇප නියම කර තිබිණ.

උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගීවීම පිළිබඳව දුලානි ප්‍රියදර්ශනීගෙන් පැය 5ක් පුරා රහස් පොලිසිය ප්‍රශ්න කර තිබේ.

jsdsa


'තරුණයන් එල්ලකර සිදුකරන රාජ්‍ය මර්දනයට එරෙහි වෙමු!' - 43 සේනාංක


තිස් වසරක LTTE ත්‍රස්තවාදයෙන් බැට කෑ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර ලෝකයෙන්ම නමක් දිනාගත් ශ්‍රී ලංකාව අද තම ජීවත්වීමේ අයිතිය ඉල්ලු තරුණයන් ත්‍රස්තවාදීන් කොට මර්දනය කරන බව 43 සේනාංකය චෝදනා කරයි.

ඒ 'තරුණයන් එල්ලකර සිදුකරන රාජ්‍ය මර්දනයට එරෙහි වෙමු!' මැයෙන් 43 සේනාංක තරුණ අංශය අද (07) දින සංවිධානය කළ මාධ්‍ය සාකච්ජාවේදීය.

මේ අවස්ථාවට 43 සේනාංකයේ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු තීක්ෂණ ගම්මන්පිල, තරුණ අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න,  සහ 43 සේනාංකයේ කොළඹ දිස්ත්‍රික් නියෝජිත තරිඳු දිලීප ගමගේ යන මහත්වරුන් සහභාගී විය.  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්