1200 x 80 DMirror

පුද්ගලයන් හා සංවිධාන වලට එරෙහිව තහනම් පනවමින් ආණ්ඩුව විසින් සකස් කර ඇති අලුත් අසාදු ලේඛනය

යළි පරික්ෂාවට ලක් කළයුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉල්ලා තිබේ.

ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස විදෙස් ගත ලාංකිකයන්ගේ ආයෝජන ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ අසාදු ලේඛනයේ සිටී දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් 216 ක හා සංවිධාන 6 ක තහනම ගැසට් නිවේදනයක් මගින් පසුගිය දා ඉවත් කෙරිණි.

''එම සංවිධාන හා පුද්ගලයන්ගේ තහනම ඉවත් කෙරුනේ විධිමත් හා ගැඹුරු අධ්‍යයනයකින් බවයි ආණ්ඩුව කියන්නේ, ඊට සාපේක්ෂව මුස්ලිම් ජාතිකයන් 156 ක් හා සංවිධාන 6 ක් තහනම් කරලා තියෙනවා. මේ අය අතර අහිංසක ශිෂ්‍යයෝ ගනනාවක්  ඉන්නවා. අසරණ මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා. මේ ගොල්ලන්ට ත්‍රස්ත විමර්ශන කණ්ඩායම් බලපෑම් කරලා තියෙනවා පාපොච්චාරණයක් දෙන්න කියලා,'' යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.



ත්‍රස්ත විමර්ශන කණ්ඩායම් විසින් මෙම ශිෂ්‍යයන්ට පාපෝච්චාරණයක් ලබා දෙන ලෙස බලපෑම් කර ඇති බවට මානව හිමිකම් කොමිසමට ඔවුන් ලබා දුන් වාර්තාව මගින් තහවුරු කර ඇති බව ද මුස්ලිම් කොංග්‍රස් නායකයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.



PTA පනත යොදාගෙන රඳවා තබාගෙන සිටි සෑහෙන පිරිසකට එරෙහිව මේතාක් පොලිසියට ඉදිරිපත් කළ හැකි එකම සාක්ෂිය වී ඇත්තේ ඔවුන්ගේ පාපොච්චාරණ පමණි. දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන විසින් පෙන්වා දී ඇත්තේ ඒවාද ලබාගෙන ඇත්තේ වධහිංසා පැමිණවීමෙන් බවයි.

''සාක්ෂි මත කරා ද නැද්ද අපිට පැහැදිලි කරගන්න ඕනෑ. අධිකරණ, විදේශ කටයුතු අමාත්‍යංශ සහ ආරක්ෂක ලේකම් එකතුව මේ සිසුන් හා පුද්ගලයන් ගැන නැවත පරික්ෂණයක් කරන්න කියලා අපි අධිකරණ ඇමැති එක්ක කතා කළා,'' යි හකීම් මන්ත්‍රීවරයා පැවසීය.

අධිකරණයෙන් ඇප ලබා නිදහස්ව සිටින කිවියර අහ්නාෆ් ජසීම් සහ 2019 සිට PTA යටතේ රඳවාගෙන සිටින පලාලි රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සින්නයියා සිවරූබන් ද ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත ලැයිස්තුවට ඇතුල් කර තිබෙන රට තුල සිටින දෙදෙනෙකි.



අලුතින් තහනම් කළ සංවිධාන හා පුද්ගලයන් ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජනාධිපති නීතිඥ සුහයිර් මොහොමඩ් සකස් කළ විමර්ශන වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කළ රවුෆ් හකීම් ඉල්ලා සිටියේ අසරණ අහිංසක සිසුන්  අසාදු ලේඛනයෙන් ඉවත් කරන ලෙසයි.

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය