ශ්‍රී ලංකා සම්භවයක් සහිත කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මැල්කම් ජයවර්ධන,

බ්‍රිතාන්‍ය පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා ලෙස පත් කෙරුණු බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.


කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා මෙන්ම බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ ලිස් ට්‍රස් විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

2020 වසරේ මැයි මස සිට 2022 වසරේ සැප්තැම්බර් මාසය තෙක් රනිල් මැල්කම් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යවරයා ලෙස හිටපු අගමැති බොරිස් ජොන්සන් ගේ රජයේ කටයුතු කර ඇත.

1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින්නෙකි.

2015 වසරේ මැයි 08 වැනිදා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ඡන්ද 35,573 ක් ලබා ගනිමිනි. ඉන්පසුව 2017 පැවති මහමැතිවරණයෙන්ද , 2020 ජනවාරි පැවති මැතිවරණයෙන්ද හෙතෙම ජයග්‍රහණය කළේය.

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා