1200 x 80 DMirror

කැනඩාවට, ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට සුරක්ෂිතව රැගෙන යන බව පවසා අනවසරයෙන් බෝට්ටු මගින් ගෙනයනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 23ක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පදිංචි දෙමළ ජාතිකයන් වන මෙම පිරිස අතර එක් දරුවකු සහ කාන්තාවන් හතරදෙනකු සිටි බවට වාර්තා වෙයි.

තමිල්නාඩු රහස් පොලිසිය මගින් ලබාදෙන ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ කේරළ පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද පිරිස උසාවියට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

මේ පිලිබඳ තොරතුරු නිර්නාමිකව ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා සිටියේ කොල්ලම් නගරයේ නැගෙනහිර පෙදෙසට වන්නට පිහිටි මුහුදුබඩ තීරයට ආසන්නව ඇති ලැගුම්හලක් ඇතුළු තවත් ස්ථාන කිහිපයකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඉන්දියානු රජය විසින් ප්‍රාන්ත දෙකෙහිම පොලිස් පිරිස එකතුකොට මෙහෙයවන ලද්දක් බවයි.

 

ඉතා පුළුල් ලෙස පැතිරී තිබෙන මිනිස් ජාවාරම් ලුහුබැඳ යාමේ මෙහෙයූම් මධ්‍යම රජය සහ ප්‍රාන්ත පොලිසි විසින් දියත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගන්නා ලද මෙම පිරිස තවත් විශාල කණ්ඩායමකට අයත් පිරිසක් විය හැකිය.

මෙවැනි කුඩා කණ්ඩායම් නගරයකට හෝ ඊට යාබද ප්‍රදේශ සදහා මෙලෙස ගෙන්වා ගැනීමෙන් අනතුරුව එවැනි කුඩා කණ්ඩායම්  සියල්ල අවශ්‍ය ස්ථාන වෙත පැමිණි පසු සියලු දෙනාම එක කණ්ඩායමක් ලෙස විශාල යාත්‍රාවකට දමා අවශ්‍ය ගමනාන්තය කරා ලඟා කරවනු ඇති බවට පොලිසිය සැක පලකරයි.

ශ්‍රී ලාංකික දෙමළ පිරිසට ඉංග්‍රීසි හෝ එහි ප්‍රාදේශීය භාෂාව වන මලයාලම් භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති නිසා මෙම පිරිස දෙමළ භාෂාවෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමට කොචි නගරයෙන් නිලධාරියෙකු කොල්ලම් වෙත ගෙන්වා ගෙන ඇත.

කේරළයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන ආකාරයට වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකිය.

සිරභාරයේ සිටින ශ්‍රී ලංකික දෙමළ 23න් දෙදෙනකු පසුගිය අගෝස්තු 19 වන දින සංචාරක විසා යොදාගනිමින් චෙන්නායි නගරයට පලා ගොස් ඇති අතර ඉතිරි 19දෙනා සරණාගතයන් ලෙස පැමිණ තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කදවුරු වල නැවතී ඇත. පසුව මොවුන් සියලු දෙනා විවිධ දිනවලදී කොල්ලම් නගරයට පැමිණ එකට එක් වී ඇත.

අත්අඩංගුවේ  සිටිනා දෙදෙනකුගේ නෑදෑයින් රාමේස්වරම් සහ පොන්ඩිචෙරි සරණාගත කදවුරු වල සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එම පිරිස ගැනද විස්තර සොයාගැනීම ආරම්භ කර  ඇත.

භාෂා පරිවර්තකයකු ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දස දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සිරභාරයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රශ්න කිරීමේ යෙදෙන අතර ඉදිරියෙදී ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ.

පොලිසිය පවසන පරිදි, කොළඹ සිටින පුද්ගලයකු මෙහි මහ මොලකරු ලෙස හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාවෙන් පලා ආ පිරිස විසින් ඉතා විශාල මුදලක් ඕහුට රටින් පිටවීමට ප්‍රථම ලබාදී ඇත. නමුත් එම තොරතුරු ඔවුන්ගේ ශ්‍රී ලාංකික සගයන් සමඟ දැනටමත් බෙදාගෙන තිබේද යන්න පිළිබඳව නිලධාරීන් දැක්වුයේ දැඩි නිහඬතාවක් බව කොල්ලම් නුවර වාර්තාකරුවෝ පවසති.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය