රාජ්‍ය අමාත්‍යවරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දිව්රුම් දීමත් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්

පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස තවදුරටත් අඩු වී ගොස් තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර කැබිනට් අමාත්‍ය ධුර දරන අතර රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්ප කුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේෂ් රාගවන්, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අද (08) දිනයේ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේය.

මේවනවිට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සමග ඉතිරිව සිටින්නේ ශාන් විජේලාල්, දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පමණි.

ඉදිරියේදී සිදුකෙරෙන කැබිනට් සංශෝධනයේදී දුමින්ද දිසානායක ද කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බව පැවසේ.

පක්ෂයේ තීන්දුවට පිටුපා ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රීලනිපයේ සියලු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මේවනවිට තීරණය කොට ඇතැයි වාර්තාවේ.

පසුගිය සතියේදී ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් පක්ෂ ව්‍යවස්ථාව තවත් ශක්තිමත් කරමින් ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදුකළ අතර ඒ හරහාද පක්ෂ ස්ථාවරයට පිටින් යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට හැකියාව සභාපතිවරයා වෙත පවරාගෙන තිබිණ.


අමරවීරගෙන් අලුත් පක්ෂයක්!


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන සියලුම මන්ත්‍රීවරුන් හා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක් කරගනිමින් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට අමාත්‍ය මහින්ද අමරවීර තීන්දු කර ඇතැයි වාර්තාවේ.

එහි සභාපතිවරයා ලෙස මහින්ද අමරවීර කටයුතු කරනු ඇති බවද දැනගන්නට ඇත.

අලුතින් කරලියට ඒමට නියමිත මෙම දේශපාලන පක්ෂය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මේවනවිටත් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ගැසට් කර ඇති නිල දේශපාලන පක්ෂයක් බව පැවසේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
Screenshot 2022 06 23 at 11.50.54 AM
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්