ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි චෝදනාව යටතේ කොම්පඤ්වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා

අබේරත්න ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (08) නියෝග කළේය.

අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකාරිය එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් මෙම සැකකාරිය වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අද (08) අබේරත්න මහත්මිය අධිකරණය ඉදිරිපත් කළේය.

ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායිකාව ට ඇප ලබාදෙන ලෙසට සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න  මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

 

මෙම සැකකාරිය එක් සිද්ධියකට ඇප මත සිටිමින් එවැනිම වරදක් සිදු කිරීම මත ඇප පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

 

බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07) පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී දමිතා අබේරත්න කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න අරගල භුමියේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කළාය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
Screenshot 2022 06 23 at 11.50.54 AM

 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා