ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි, අද (08) වැඩ
භාර ගනු ලැබිය.
මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් ප්‍රවෘත්ති සමකර්තෘ ධුරයද ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක හසළ අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ජීව විද්‍යා උපාධිධරයෙකි.
එමෙන්ම ඔහු ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යායතනයේ සන්නිවේදන විෂය පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරා ඇත.
දිනිත් චින්තක කරුණාරත්න ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව දේශීය මෙන්ම විදේශීය වශයෙන් පුළුල් පරිචයක් ලබා සිටින අයෙකි.
නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද එක්ව සිටියේය.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.